IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහපොළ වෙළෙඳ ප්‍රදර්ශන යළි ඇරඹෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අතරමග නැවතුණු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන මේ වසර අවසන් වීමට පෙර යළි ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

මහපොළ  අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන ආරම්භ කරනු ලැබුවේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසිනි.

මෙම අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශන  පසුගිය වසර කිහිපයේදී  ක්‍රියාත්මක නොවීම පිළිබඳවද  කමිටුවේ අවධානය යොමුවිය.

මේ පිලිබදව අවධානය යොමු වූයේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය  (21) වැනිදා   පාර්ලිමේන්තුවේදී පැවැති එම අමාත්‍යාංශයීය පළමු උපදේශක කාරක සභා රැස්වීමේදීය.

වාර්ෂික වාර්තා හයක්ද මෙහිදී සලකා බැලිණ.

එසේ සලකා බැලුණේ , 2017 සහ 2018 වසර සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2018 වසර සඳහා සීමාසහිත ලංකා සතොස ආයතනයේ වාර්ෂික වාර්තාව, 2016 සහ 2020 වර්ෂ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2020 වසර සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාවය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ද  අමාත්‍යාංශයේ   නිලධාරීහු පිරිසක්ද සහභාගිවූහ.



අදහස් (1)

මහපොළ වෙළෙඳ ප්‍රදර්ශන යළි ඇරඹෙයි

Bamunuarachchi Sunday, 30 October 2022 04:01 PM

මිනිසුන්ට කන්න බොන්න නැතුව ඉන්න මේ කාලේ මොන මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site