සමෘද්ධි අයදුම්පත් හෙටින් අවසන් සමෘද්ධි සහ අනෙකුත් ආධාරදීම සඳහා අයදුම්පත් බාර ගැනීම හෙටින් (28) අවසන්වන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. 27 October 2022
ලබන වසරේ වැටුපත් සෘණ වෙයි ලබන වසරේ ශ්‍රී ලංකිකයන්ගේ වැටුප වර්ධන වේගය සෘණ සියයට 20.5 ක් බව ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.රටවල් 68ක් ආශ්‍රිතව ලබන වසරේ එම රටවල වැසියන්ගේ වැටුප වැඩි වීම සම්බන්ධයෙන් ඊ.සී.ඒ ජාත්‍යන්තර සමාගම මෙම සමීක්ෂණය සිදු කර ඇත. 27 October 2022
සිම්බාබ්වේ පිල පන්දුවට පහරදීම තෝරාගනී සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 27 October 2022
ඉන්දියාව ලකුණු 56 කින් ජයගනී ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. 27 October 2022
මාතර මුහුදේ පැහැය වෙනස් වෙයි මාතර පොල්හේන හා වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල පැහැ ගැන්වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. 27 October 2022
බියගමට අලුත් විදියක රෝහලක් බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට නව රෝහලක් කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැත්විණි. 27 October 2022
රටේ තත්වය ගැන විශේෂ විවාදයක් ලබන 8වෙනිදා ආර්ථිකය ඇතුළු රටේ තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 8 වෙනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (27) තීරණය කළේය. 27 October 2022
රබර් ගෙන්වීම සීමා කරයි දේශීය රබර් ගොවියා නංවාලීමේ අරමුණින් රබර් ආයනයන සීමා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 27 October 2022
රජ ගෙදර කැමරා හොරකම ගැන පරීක්ෂණයක් කරන්න තමන් ජනාධිපති මන්දිරයේ ඇති කබල් රූපවාහිනී සහ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ රැගෙනයාමට තරම් පහත් තත්වයට වැටුණු අයකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 October 2022
බෙහෙත් වංචාවක් ගැන ආරංචියක් ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රතිමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි මිලදී ගැනීමක් ලෙස ලබා ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙයි. 27 October 2022
නෙදර්ලන්තයට ලකුණු 180 ක ඉලක්කයක් ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය. 27 October 2022
ආසියානු සංවර්ධන බැංකුවෙන් සුභ ආරංචියක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යටතේ ආර්ථික අර්බුදය නිසා බිඳවැටුණු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා ණය, කණ්ඩ තුනක් යටතේ ලබා දෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 27 October 2022
බිනුරගේ තැනට අසිත ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක්වූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තාක්ෂණික කමිටුවේ ඇනුමැතිය හිමිව තිබේ. 27 October 2022
ඉන්දීය මහකොමසාරිස් - සේමසිංහ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරු අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්තමාන තත්වය පිළිබ`ඳව විශේෂ සාකච්ඡාවක් ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිලනිවසේදී අද (27) පැවැත්විණි. 27 October 2022
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන පහළ යන ලකුණු ආනයනික පාන්පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය. 27 October 2022
ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී ඉන්දියව සහ නෙදර්ලන්තය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 27 October 2022
අයවැය ලේඛනය ලබන මස 14 මැතිසබයට ලබන වර්ෂය(2023) සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් මස 14 වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 27 October 2022
බුදුන් උපන් බිමෙන් ලංකාවට ඖෂධ නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. 27 October 2022
දකුණු අප්‍රිකාවට ලකුණු 104 ක ජයක් දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 104 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. 27 October 2022
ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘ශීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම් ගුවන් සම්මාන උළෙලේදී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මාන දිනාගැනීමට සමත්විය. 27 October 2022
තරගාවලියේ පළමු ශතකය රූසොව්ගෙන් දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙදී පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබාගත්තේය. 27 October 2022
ඉදිකිරීම් බඩු මිල බස්සන්න සංස්ථාවෙන් වැඩක් යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ,ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සෘජුව ආනයන කර බෙදාහැරීමට තීරණය කර ඇතැයි එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 October 2022
අමාත්‍යංශ කීපයක විෂයන් මාරුකරයි ආරක්ෂක සහ කෘෂිකර්ම අමාත්‍යංශ ඇතුළු අමාත්‍ය කීපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (26) රාත්‍රී නිකුත්කර තිබේ. 27 October 2022
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව විදුලිබල වෘත්තිය සමිති පවසයි. 27 October 2022
සමාගම් ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරයි රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 27 October 2022
වැස්ස ගැන කාලගුණයේ මතය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 October 2022
අධිකරණ ඇමතිගෙන් කතානායකට යෝජනාවක්. පවතින මැතිවරණ ක්රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින් පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සුදුසු මැතිවරණ ක්‍රමයක් සොයා බලා වාර්තා කිරීම සහ නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීම් කෙරෙන යෝජනාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (26) බාරදෙනු 27 October 2022
එතෙර කුඩ්ඩාගේ මෙතෙර අයකැමි අල්ලයි ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකුගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි 27 October 2022
අක්කරපත්තු පි.සී. - ඩබ්ලිව්.පී.සීලාට කැත වැඩක් කරලා අක්කරේපත්තුව පොලිසියේ කොස්තාපල්වරියන්ට හා ආධුනික කොස්තාපල්වරියන්ට ලිංගික හිංසන සිදුකළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බව පොලිසිය පවසයි. 26 October 2022
පාසල් දරුවන් මත් කළ පියා සැකපිට මාට්ටු පාසල් ළමුන් ඉලක්ක කරගෙන දුම්කොළ මිශ්‍ර මාවා නමින් හඳුන්වන මත්විට අලෙවි කළ පුද්ගලයකු ලක්ෂ දහයකට ආසන්න වටිනා මාවා මත්ද්‍රව්‍ය තොගයක් සමග පානදුර එළුවිල හංදිය ප්‍රදේශයේ වෙළඳසැලකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 26 October 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026