විදුලියේ වැටුප් ගෙවන්න යන මුදල ඇමති හෙළිකරයි විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් පසුගිය මාස තුනේ දී රුපියල් කෝටි 300 කට වැඩි මුදලක් මාසිකව වැය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 29 December 2022
විදුලියේත් 1100ක් ලබන වසරේ ගෙදර යති විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1100ක් ලබන වසරේදී විශ්‍රාම ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 29 December 2022
පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ මහනුවර දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි . 29 December 2022
සාගින්දර නිවනු මැනවි රංවල දෙවි සාමිනේ කැලණි මිටියාවත ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික මංගල්‍ය වූ රන්වල දේව පෙරහර ආරම්භ කරමින් මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (29) සිදු කෙරිණි. 29 December 2022
ගලයායේ පියදස්සී නාහිමියෝ අපවත් වෙති ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියෝ (19) වන දින අපවත් වුහ. 29 December 2022
පුවත්පත් කලාවේ පුරෝගාමියෙක් දිවිගමනට සමුදෙයි ප්‍රවීණ මාධ්‍යෙව්දී කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ රත්නපාල විතාන මහතා කැනඩාවේදී අද (29) උදෑසන අභාවප්‍රාප්ත විය. 29 December 2022
අ‘පුරේ දරුවෝ 900 ක් දැඩි මන්දපෝෂණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි ආහාර අනාරක්ෂිත භාවයකින් යුතු පවුල් 13,597ක් සිටින බව ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සඳහා වන උතුරු මැද පළාත් සැලසුම් කමිටුවේදි අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්යක්ෂ සුගත් නයනානන්ද මහතා පැවසිය. 29 December 2022
අනතුරක් වසං කළ තාත්තා සහ දියණිය අතේ මාට්ටු තේ වත්තේ දළු නෙළීමට පැමිණි අසල්වැසි කාන්තාවකගේ සිගිති දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදි දියණිය පැදවු ත්‍රිවිලරයට යටවී දරුවා මියගිය පසු සිරුර ප්‍රධාන මාර්ගයට දමා වෙනත් වාහනයකට යටවී මියගිය බව පොලිසියට පවසා අනතුරක් වසංකළ පියාකු දියණියක අද දින අත් අඩංගුවට ගත් බව බදුල්ල පොලිසියේ කොටිඨාස විමර්ශන අංශය කියයි. 29 December 2022
කලින් ගෙදර යන්න දුම්රිය මඟ හදයි උතුරු දුම්රිය මාර්ගයේ අබලන්ව පවතින අනුරාධපුර කන්කසන්තුරය කොටස මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ජනවාරි 05 වැනිදා මැදවච්චියේදී ඇරඹෙන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 December 2022
ලංකාව බුද්ධියෙන් පෙරට ගෝලීය දැනුම් දර්ශකයේ (ග්ලෝබල් නොලේජ් ඉන්ඩෙක්ස්) 2022 වසරේ ශ්‍රී ලංකාව රටවල් 132 ක් අතරින් 79 වැනි ස්ථානය ලබාගෙන ඇත. 29 December 2022
ආගමන හා විගමන කාඩ්පත පිරිවීම ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්පූර්ණ කළ යුතු ආගමන හා විගමන කාඩ්පත ලබන ජනවාරි 1 වෙනිදා සිට මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 December 2022
පෑන් මිලට විසඳුමක් පෑන් මිල ඉහළයාම හේතුවෙන් පෑන්වලට යොදන කාබන් කූරු වෙනම අලෙවිය මේ වන විට ආරම්භ වී තිබේ. 29 December 2022
පුංචි ඡන්දෙට සජබ සම්මුඛ පරීක්ෂණ අරඹයි පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ලබන වසර මුල සිටම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹ දී අද (29) පැවසීය. 29 December 2022
වේරහැර රථගාල මැරයන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 29 December 2022
ලාංකිකයෝ මිලියන ගණනක් දුප්පතුන්ගේ ගොඩට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ මිලියන 2.4 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දී ඇත. 29 December 2022
ජගත් කුමාරත් හෙට තීරණයක් ගනී ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් එහි ඉන්නවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 29 December 2022
අපහස උපහසවලට අපේ ගමන වලකන්න බෑ සමගි ජන බලවේගය තම පක්ෂ අරමුදලින් ජනතාවට බෙහෙත් ටික, පාසල්වලට බස් රථ, පරිගණක ලබා දෙන විට අපහාස කරන පුද්ගලයන් කැට හොල්ලා ජනතාවගේ මුදල් රැස්කර ඔවුන්ගේ පක්ෂ කාර්යාල අධි සුඛෝපභෝගී ලෙස සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (29) පැවසීය. 29 December 2022
සිවිල් ගුවන් සේවයේ 27කට හිතුමතේට ගෙවීම් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය එහි ප්‍රධානීන් විසි හත් දෙනකුට(ඉහළ කලමනාකරණ නිලධාරින්) මහ භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි වටිනා දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 29 December 2022
පනතට එරෙහිව කළු සතියක් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 29 December 2022
සංගීතයෙන් අනතුරුව ගිටාර් වාදකයා මරුට සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත මහතා අභාවප්‍රාප්ත විය. 29 December 2022
60 පැන්න 30,000 අනිද්දා ගෙදර යති රාජ්‍ය සේවකයන් 30,000කට අධික පිරිසක් අනිද්දා (31) විශ්‍රාම යෑමට නියමිතය. රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය යටතේ මෙම පිරිස විශ්‍රාම යන අතර වයස අවුරුදු 60 සහ 65 අතරේ පසුවන රාජ්‍ය සේවකයන් මෙලෙස විශ්‍රාම ගැනීමට නියමිතය. 29 December 2022
මෙසී වෙනුවෙන් කෞතුකාගාරයක් කටාර් හි පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන අවස්ථාවේදී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී නැවතී සිටි කටාර් විශ්ව විද්‍යාලයේ කාමරය ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය නිසාවෙන් කුඩා කෞතුකාගාරයකට පරිවර්තනය කිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 29 December 2022
නාගරික සංවර්ධන අධිකාරිය වැඩ 215න් 175ක් හොඳටම කරයි මහා භාණ්ඩාගර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 10,600ක මුදලක් වෙන්කරමින් මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 215න් ව්‍යාපෘති 175ට ආසන්න ප්‍රමාණයක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 29 December 2022
ග්‍රේටා අලුත් හුටපටයක ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අන්තර්ජාලය තුළ නැවත වරක් පැසසුමට ලක්ව තිබේ. 29 December 2022
බනිස් ගෙඩියක් ගන්න ගිය දරුවා උස්සා පොලොවේ ගහලා බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් පාන් රථයක් අසලට ගිය වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවකු බීමත් පුද්ගලයකු උස්සා පොලොවේ ගැසීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 29 December 2022
අක්කරපත්තු අධිකරණයට ගිනි තැබූ තුනක් දැලේ අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පළමු මහලේ පිහිටි ලේඛනාගාරයේ ගබඩා කර තිබූ නඩු ලේඛනවලට ඉකුත් 21 වැනි දා අළුයම් කාලයේ ගිනි තබා විනාශ කළ බව කියන තරුණයෝ තිදෙනෙක් අක්කරපත්තුව පොලීසිය විසින් පෙරේදා 28 සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 29 December 2022
ප්‍රා සභාපති බට පටවද්දී මාට්ටු බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ බව කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 December 2022
’’ශ්‍රිලනිප’’ තියෙන්නේ අපේ අතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 December 2022
රුසියානු ගුවන් කුරුල්ලා මත්තලට සංචාරකයන් 412 දෙනෙකු රැගත් බෝයිං 777 වර්ගයට අයත් “රෙඩ් වින්ග්” (Red Wing) රුසියානු ගුවන් යානය අද පෙරවරු 9.00ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය. 29 December 2022
ඇමෙරිකා ජාතිකයා උණ්ඩ සමග මාට්ටු ඇමෙරිකා ජාතිකයකු සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු සියරට බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 සහ ඒවා බහාලන පතරොම් ගැබක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය අද අත් අඩංගුවට ගෙන තිබේ . 29 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026