අධ්‍යාපනය මාර්තුවේ ඩිජිටල්කරණයට අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 19 February 2024
සෝරත පොඩි හාමුදුරුවෝ ලෙස රඟ පෑ කවීෂ් සසුන්ගත වෙයි සිඳු ටෙලි නාට්‍යයේ සෝරත සාමනේර හිමියන්ගේ චරිතය ඇතුළු ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපනය කළ කවීෂ් විහඟ කුල දරුවා පිළියන්දන සමිර්ධිරතන නමින් අද (19) පෙරවරුවේ සැබෑවටම සසුන්ගත වූහ. 19 February 2024
ඇෆ්ගනිස්තානය පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක ඊබ්‍රහිම් ශද්‍රාන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 19 February 2024
බොරු මායම අතේ පත්තු වෙයි පියකු සහ පුතකු එක්ව නිවෙසේ මහ රෑ වළක් හාරා නිධන් සොයද්දී ඔත්තු බැලූ මවක, දියණියක සහ මවගේ සහෝදරියක පොලිසිය එද්දී බොරු ආරුඪයක් පෙන්වා බෝතල් කටුවලින් අතපය කපා ගැනීම නිසා ඔවුන් ලේ පෙරෙන තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 19 February 2024
කඩවත මහාමායා සිසුවියෝ කැබිනට් මණ්ඩලයට කඩවත මහාමායා බාලිකා විදුහලේ සිසුවියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අද කැබිනට් මණ්ඩලයේ අසුන් ගත්හ. 19 February 2024
කබ්රාල්ගේ විදේස් ගමන් තහනම තාවකාලිකව ඉවතට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගිවිසුම්ගත පාර්ශ්වයට නොගෙවා තෙවැනි පාර්ශ්වයකට ගෙවීමේ චෝදනාවට ගොනුකර ඇති නඩුවට අදාලව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම රුපියල් මිලියන 100 ක ශරීර ඇපයක් මත මාර්තු 2 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (19) නියෝග කළේය. 19 February 2024
දෛනික විදුලි ඉල්ලුම ඉහළට පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 4 ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. 19 February 2024
හරීන් ලංකාව ඉන්දියාවට ඈදීම බරපතළ ප්‍රකාශයක් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතිශයින් බරපතළ ප්‍රකාශයක් බවත් කැබිනට් ඇමැතිවරයෙක් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොලඹදී අද(19) පැවැසීය. 19 February 2024
දුම්රියේ ගැටී මවත් දියණියත් පුත්‍රයාත් මරුට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ආරච්චිකට්ටුව සහ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථාන අතර මහයියාව හරස් මාර්ගයේදී යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එකම පවුලේ මව, දියණිය සහ පුත්‍රයා යන තිදෙනා එම ස්ථානයේදීම අද (19) මරණයට පත්වූහ. 19 February 2024
කාදිනල්ට එරෙහිව ධීවරයෝ විරෝධතාවක මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් මීගමුව ලෙල්ලම ධීවර වරාය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් කොළඹ පිහිටි අගරදගුරු නිවස ඉදිරිපිට ඇතුළු ස්ථාන දෙකකදී අද (19) දහවල් විරෝධතා දෙකක් පැවැත්වූහ. 19 February 2024
ජනපති ලෝක ආහාර ලොක්කා හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදුවිය. 19 February 2024
කඳුකර දෙමළ අයිතිය රකින්න රජය කැපවී සිටිනවා මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 February 2024
ඕපන්හයිමර් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල කලඹයි බ්‍රිතාන්‍ය සිනමා සහ රූපවාහිනී සම්මාන උලෙළ හෙවත් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල ලන්ඩන් නුවර රෝයල් ෆෙස්ටිවල් රඟහලේ පැවැත්විණි. 19 February 2024
නිතී විරෝධි සම්බාහන මධ්‍යස්ථානයක් වටලයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් ඉලක්ක කර ගනිමින් ගෙලිඔය නගරයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ බව පොලිසිය කියයි . 19 February 2024
කොටකෙතන ඝාතකයාට මරණ දඬූවම ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19) නියම කළාය. 19 February 2024
යතුරුපැදිය පොලිසිය භාරයට ගත්තැයි පොලිස් මුරපොළට පහරදීලා අපරීක්ෂාකාරී ලෙස පැදවූ යතුරුපැදියක්ම පොලිස් භාරයට ගත්තේ යැයි උරණව එහි හිමිකරු කිලිනොච්චි පරතන් හන්දියේ පිහිටි පොලිස් මුර පොළට පහරදී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි 19 February 2024
චන්නට තවත් ලෝක සම්මානයක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාට ඇමරිකා එක්සත් ජනපද විද්‍යාභිවර්ධන සංගමය (American Association for the Advancement of Science, AAAS) විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන්වූ (Scientific Freedom and Responibility Award) සම්මානය පිරිනමා ඇත. 19 February 2024
කොස්තාපල්වරියට අතවර කළ ලිපිකරු අත්අඩංගුවට ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. 19 February 2024
සමහර වීරයන් රට සවාරිවලින් පසු මීයන් වෙනවා මෙරට පශූ සම්පත් ගොවිපොළවල් 31කට වැඩි ප්‍රමාණයක් තුට්ටු දෙකට විකිණීමට යන බවත් ඒ සම්බන්ධයෙන් මහ ලොකුවට කතා කළත් පිටරට සංචාර ගොස් පැමිණ පසු සමහර සමාජවාදී වීරයන් මීයන් වී ටෙන්ඩර් ක්‍රමයට ගොවිපොළවල් විකිණිමට කැමැති බවට ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. 19 February 2024
පළාත් සභා ක්‍රමය රටට බරක් කරගත යුතු නෑ උතුරේ ජනවාර්ගික අර්බුදය ට පිළියමක් ලෙස ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය තව දුරටත් රටට බරක් ලෙස පවත්වා ගෙන යායුතු නැතැයි දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි ලංකාලෝකය සංවිධානයේ ප්‍රධාන සංවිධායක පසඳ යාපා අබේවර්ධන මහතා කොළඹ අද (19)පැවති මාධ්‍ය හමුවකදී පැවසීය . 19 February 2024
සෞඛ්‍ය සමිති යෝජනා සළකා බලන්න විශේෂ කමිටුවක් සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (19) පියවර ගනු ලැබීය. 19 February 2024
තේ,පොල්, රබර් වලට හොඳ කලක් යන ළකුණු ලංකාවේ වී වගාව හා අනෙකුත් අතිරේක බෝග වගාවන්ට අමතරව තේ, පොල් හා රබර් යන වැවිලි බෝග වගාවන් සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 19 February 2024
ඇමෙරිකන් උප ලේකම්වරිය මාධ්‍ය කාර්යභාරය ගැන කතා කරයි මෙරට නිල සංචාරයක යෙදෙන, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබත් ඇලන් මහත්මිය අද (19) උදෑසන කොළඹ දී ‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්රජාතන්ත්රවාදය කෙරෙහි එහි බලපෑම’ යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් පැවැත්වූවාය. 19 February 2024
ගමේ වැඩ කරනකොට ගමේ අදහස් ගන්න ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 19 February 2024
නොවැම්බර් 17ට පෙර අලුත් ජනපතිවරයෙක් දිවුරුම් දිය යුතුයි ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් නව ජනාධිපතිවරයා නොවැම්බර් 17 වැනිදාට පෙර දිවුරුම් දියයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (19) පැවසීය. 19 February 2024
විදුලි ගාස්තු හොයන්න මැතිසබා කමිටුවක් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නීතිරීතිවලට පටහැනිව විදුලිය ගාස්තු සංශෝධනය කිරීම සහ ඊට අනුමැතිය ලබා ගෙන ඇතැයි කියන කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාරදී ඇත. 19 February 2024
මියෙක් එළවන්න ගිහින් ඇඳවැටී මරුට එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වාසය කරන නිවසකට ඇතුළු වූ මීයෙකු සම්බන්ධයෙන් දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග යන අතරතුරදි එක් වරම ක්ලාන්ත වී ඇද වැටුණු බාල සහෝදරයා ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි. 19 February 2024
මල්වතුහිරිපිටිය හිමි ඝාතනයට සැක තවත් අයෙක් අල්ලයි මල්වතුහිරිපිටිය කෙහෙල් කන්ද කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම හා සීදුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළව ආධාර අනුබල දුන් පුද්ගලයෙකු රද්දොළුගම ජාතික නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි. 19 February 2024
පිරමීඩ් ජාවරමකට හසුවු ඉලන්තඩිය වැසියෝ කෝප වෙති පිරමීඩ ජාවාරමට හසුවු කල්පිටිය ඉලන්තඩිය ගම්මානයෙ පිරිසක් තමන් එම ජාවාරමට යොමු කළ ව්‍යාපාරීකයකුගේ හෝටලය අසලට ගොස් විරෝධය මතු කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය. 19 February 2024
මළ සිරුර බෙදාගන්න බිරින්දෑවරු දෙදෙනක් වලියක මියගිය පුද්ගලයකුගේ දේහයක් භාර ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කොට කාන්තාවන් දෙදෙනාටම අවසන් ගෞරව දැක්වීමට හැකිවන පරිද්දෙන් තීන්දුවක් ලබාදීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා ඊයේ (18) පියවර ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි පවසයි. 19 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026