IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාවනැල්ලේදි පොලිස් වෙඩි පහරින් අයකු මිය යයි

(ශාන්ත පී.බණඩාර)

කඩුවක් ද රැගෙන මාවනැල්ල පදීදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට කඩුවකින් පහරදුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි 

ජයතිලක නමැති 52 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත. මියගිය පුද්ගලයක් කඩුවක් රැගෙන මිනිසුන් බියගන්වමින් සිටින බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරමක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් දැක ඇත්තේ මරණ කරු කාන්තාවක් ඇපයට ගෙන ඇති අයුරුයි.

පසු එම කාන්තාව බේරාගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් දෙදෙනකුට කඩුවෙන් පහරදී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා පොලිසිය සැකකරුට වෙඩි තබා ඇත. පසුව සැකකරු මියගොස් ඇත. 

සිද්ධියෙන් කැපුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

 

 

 



අදහස් (4)

මාවනැල්ලේදි පොලිස් වෙඩි පහරින් අයකු මිය යයි

Santth Sunday, 07 April 2024 08:02 AM

මෙවැනි අවස්ථාවල දී කකුලකට වෙඩි තියන්න බැරි මොකද?

:       11       4

Bamunuarachchi Monday, 08 April 2024 08:21 AM

කකුලට තමයි වෙඩි තිබ්බේ මිනිහා පාත් උනා. අපරාධ කරුවන් පරිස්සම් කරන්නේ මොන කෙන්ගෙඩියකටද? කකුලට නොවෙයි කෙලින්ම ඔලුවට තියෙන්න ඕනේ.

:       0       1

රංබොඩ Sunday, 07 April 2024 10:35 AM

පොලිස් නිලධාරීන්ට උපහාරයක්ම වේවා...! වර්තමාන පොලිස්පතිතුමා පොලිසියේ හිස කෙලින් තබා ඇති වග විද්‍යාමාන වේ...!

:       6       11

මැක්ස් Sunday, 07 April 2024 11:23 AM

කළු කෝට් හමුදාවේ බාර් ඇසෝසියේෂන් එකට දැන් පුළුවන් මියගිය කඩුධාරියාගේ මානව හිමිකම් පොලිසිය විසින් උල්ලංඝනය කරඇති බව සහ ඊට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලමින් ලිප්ටන් වටරවුමේ බෝඩ් අල්ලාගෙන සිටීමට. ජාජබ දායක සභාවට පුළුවන් එහි පින්තුර අරගෙන සමාජ මාධ්‍ය කලඹන්න...

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site