(ශාන්ත පී.බණඩාර)
කඩුවක් ද රැගෙන මාවනැල්ල පදීදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට කඩුවකින් පහරදුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි
ජයතිලක නමැති 52 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත. මියගිය පුද්ගලයක් කඩුවක් රැගෙන මිනිසුන් බියගන්වමින් සිටින බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරමක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් දැක ඇත්තේ මරණ කරු කාන්තාවක් ඇපයට ගෙන ඇති අයුරුයි.
පසු එම කාන්තාව බේරාගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් දෙදෙනකුට කඩුවෙන් පහරදී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා පොලිසිය සැකකරුට වෙඩි තබා ඇත. පසුව සැකකරු මියගොස් ඇත.
සිද්ධියෙන් කැපුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවස්ථාවල දී කකුලකට වෙඩි තියන්න බැරි මොකද?
පොලිස් නිලධාරීන්ට උපහාරයක්ම වේවා...! වර්තමාන පොලිස්පතිතුමා පොලිසියේ හිස කෙලින් තබා ඇති වග විද්‍යාමාන වේ...!
කළු කෝට් හමුදාවේ බාර් ඇසෝසියේෂන් එකට දැන් පුළුවන් මියගිය කඩුධාරියාගේ මානව හිමිකම් පොලිසිය විසින් උල්ලංඝනය කරඇති බව සහ ඊට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලමින් ලිප්ටන් වටරවුමේ බෝඩ් අල්ලාගෙන සිටීමට. ජාජබ දායක සභාවට පුළුවන් එහි පින්තුර අරගෙන සමාජ මාධ්‍ය කලඹන්න...