IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදෙස් ණයෙන් කොටසක් ඉවත් කර ගන්න සාකච්ඡා

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ  විදේශ ණය ගෙවීම සඳහා 2042 වන තෙක් කාලය ලබා ගැනීමට සාකච්ඡා ඇරැඹූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය.

ණය ගෙවන ප්‍රමාණයෙන් කොටසක් ඉවත් කර ගැනීමට ද අපේක්ෂා කරන බව කී ජනාධිපතිවරයා ඒ සමඟ  අපනයන ආර්ථිකයක් සමඟ ඉදිරියට ගියහොත් තරුණ  ප්‍රශ්නවලට විසදුම් ලැබෙන බවද සඳහන් කළේය.

නවීන කෘෂිකර්මාන්තය සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ද ජනාධිපතිවරයා  පැවසීය.

එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව කී ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  “මගෙන් පටන් ගමු" අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වෙමිනි.

කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදී පැවති මෙම සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර  ඔවුන් ගැටලු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් ක⁣ළේය.

 බොහෝ ගැටලුවලට ජනාධිපතිවරයා එම අවස්ථවේදීම විසදුම් දුන්  අතර අනෙකුත් ගැටලු විසඳිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (6)

විදෙස් ණයෙන් කොටසක් ඉවත් කර ගන්න සාකච්ඡා

Samare Sunday, 07 April 2024 04:18 PM

මේ නාකි බැංකු හොරා ඒ වෙලාවේ කටට එන ඕනෑම දෙයක් එළියට දානවා. මොලයෙන් කල්පනා කරලා බලන්න තරම් බුද්ධියක් ෆොක්ස්වැගන්ට නැහැ. ඡන්දෙදී බල්ලා මාක් තමයි !!!

:       15       13

Ramani Sunday, 07 April 2024 04:21 PM

ඕවා කියන්න මෝඩ චීන්නුන්ට, අපි ඔයා ගැන දන්නවා සීයේ. අපේ ගමම ජාතික ජනබලවේගයට, මාලිමාවට ජයවේවා...!

:       15       13

විජිත් Sunday, 07 April 2024 04:25 PM

"මගෙන් පටන් ගමු.." නියමයි ඇත්තයි. ඔව් ළඟදීම රට කාපු හොරුන්ව අල්ලලා හිර ගෙවල් පුරවන්න පටන් ගත්තාම, ඉස්සෙල්ලාම ඔයාගෙන් තමයි පටන්ගන්නේ.

:       15       15

Rajeeva Sunday, 07 April 2024 04:32 PM

"ණය ගෙවන ප්‍රමාණයෙන් කොටසක් ඉවත් කර ගැනීමට ද අපේක්ෂා කරන.." ඇයි , නය දුන්නේ ඔයාගේ බාප්පා කියලා හිතුවද? අපි නම් කයි මයියොක්කා. මොලේ පහතටම බැහැලා වගේ. කලිසම නැත්නම් බිම...

:       12       15

sachith Sunday, 07 April 2024 08:06 PM

අනේ ඔව්, ණයට දීපු මිනිස්සුන්ට අමාරුවක් නෑනෙ සල්ලි දීලා නිකන් ඉන්න. එක්කෝ මොකක් හරි දෙයක් සින්නක්කර දෙන්න වෙයි. මහින්දගේ විදුලිපුටුව වගේ. මට ඡන්දෙ දෙන්න. එතකොට විදේශීය ණය ඔක්කොම ඉවත් කරගන්න පුලුවන්...

:       2       0

Perera Monday, 08 April 2024 08:46 AM

ණය ඉල්ලලත් හිඟා කනවා. දුන්නට පස්සේ නොගෙවා ඉන්නත් හිඟා කනවද ?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site