
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ විදේශ ණය ගෙවීම සඳහා 2042 වන තෙක් කාලය ලබා ගැනීමට සාකච්ඡා ඇරැඹූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය.
ණය ගෙවන ප්‍රමාණයෙන් කොටසක් ඉවත් කර ගැනීමට ද අපේක්ෂා කරන බව කී ජනාධිපතිවරයා ඒ සමඟ අපනයන ආර්ථිකයක් සමඟ ඉදිරියට ගියහොත් තරුණ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන බවද සඳහන් කළේය.
නවීන කෘෂිකර්මාන්තය සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව කී ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “මගෙන් පටන් ගමු" අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වෙමිනි.
කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදී පැවති මෙම සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් ගැටලු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය.
බොහෝ ගැටලුවලට ජනාධිපතිවරයා එම අවස්ථවේදීම විසදුම් දුන් අතර අනෙකුත් ගැටලු විසඳිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නාකි බැංකු හොරා ඒ වෙලාවේ කටට එන ඕනෑම දෙයක් එළියට දානවා. මොලයෙන් කල්පනා කරලා බලන්න තරම් බුද්ධියක් ෆොක්ස්වැගන්ට නැහැ. ඡන්දෙදී බල්ලා මාක් තමයි !!!
ඕවා කියන්න මෝඩ චීන්නුන්ට, අපි ඔයා ගැන දන්නවා සීයේ. අපේ ගමම ජාතික ජනබලවේගයට, මාලිමාවට ජයවේවා...!
"මගෙන් පටන් ගමු.." නියමයි ඇත්තයි. ඔව් ළඟදීම රට කාපු හොරුන්ව අල්ලලා හිර ගෙවල් පුරවන්න පටන් ගත්තාම, ඉස්සෙල්ලාම ඔයාගෙන් තමයි පටන්ගන්නේ.
"ණය ගෙවන ප්‍රමාණයෙන් කොටසක් ඉවත් කර ගැනීමට ද අපේක්ෂා කරන.." ඇයි , නය දුන්නේ ඔයාගේ බාප්පා කියලා හිතුවද? අපි නම් කයි මයියොක්කා. මොලේ පහතටම බැහැලා වගේ. කලිසම නැත්නම් බිම...
අනේ ඔව්, ණයට දීපු මිනිස්සුන්ට අමාරුවක් නෑනෙ සල්ලි දීලා නිකන් ඉන්න. එක්කෝ මොකක් හරි දෙයක් සින්නක්කර දෙන්න වෙයි. මහින්දගේ විදුලිපුටුව වගේ. මට ඡන්දෙ දෙන්න. එතකොට විදේශීය ණය ඔක්කොම ඉවත් කරගන්න පුලුවන්...
ණය ඉල්ලලත් හිඟා කනවා. දුන්නට පස්සේ නොගෙවා ඉන්නත් හිඟා කනවද ?