(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා රුපිල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා 25,000 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.
ගල්කිස්ස ප්‍රධාන පෙළේ බැංකුවක් ඉදිරිපිටදී විත්තිකාර පොලිස් පරීක්‍ෂවරයා අල්ලස් ගන්නා අයුරූ එහි සී.සී.ටී.වී. කැමරා වල පවා සටහන් වී ඇති බව කීවත් විත්තිකරු ගෙන ඇත්තේ ඔහු විසින් පැමිණීලිකාරියට දුන් මුදල් මිස අල්ලස් නොවේ යැයි කියමින් නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්‍ෂක පී.එච්. සමරවීර ගුණරත්න මහතාය.
2016 මැයි 18 වැනිදාත් ජුනි 20 වැනිදාත් අතර කාලයේ දෙහිවලදී ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් එක් පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ඉෂානි අස්විනි ද සිල්වා නමැත්තියගෙන් රුපිල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 25,000ක් ලබාගත් බවට චෝදන 10ක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මේ මෙහෙම පොලිස් මහත්වරු...!
අවුරුදු කන්න සල්ලිත් නෑ. යන්න ඕනේ අපේ ඕ.අයි.සී. මහත්තයාගෙන් අතමාරුවක් කරගන්න.
සමහරවිට oic මහත්මයා සල්ලි පොලියට දෙන ඩේලි පේමන්ට් කාරයෙක්ද කියලා කවුද දන්නේ?
පළපුරුදු පොලිස් කාරයෙක් සී.සී.ටී.වී.. කැමරාවක් ඉස්සරා අල්ලස් ගන්නවා කියන එකම මෝඩ කමක්... විනිසුරුතුමාගේ තීන්දුව ලබා දෙන්න ඇත්තේ නඩුවේ සාක්ෂි මත. ඕනෑතරම් බොරු පැමිණිලි කරනවා තමන්ට වාසි විදියට පොලිස් නිලධාරින් පැමිණිලි විභාග නොකරන අවස්ථාවල... තීන්දුව කියවලා බලන්නේ නැතුව තීරණය විවේචනය කිරීම සුදුසුයි...
කොහෙවත් ඉන්න ගැහැනියකට සල්ලි දුන්නේ ඇයි කියලා ගෙදර උන්දැ ප්‍රශ්න කලොත් අන්න මල්ලී ඒක තමයි ගෙදර.