(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා රුපිල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා 25,000 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.
ගල්කිස්ස ප්‍රධාන පෙළේ බැංකුවක් ඉදිරිපිටදී විත්තිකාර පොලිස් පරීක්‍ෂවරයා අල්ලස් ගන්නා අයුරූ එහි සී.සී.ටී.වී. කැමරා වල පවා සටහන් වී ඇති බව කීවත් විත්තිකරු ගෙන ඇත්තේ ඔහු විසින් පැමිණීලිකාරියට දුන් මුදල් මිස අල්ලස් නොවේ යැයි කියමින් නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්‍ෂක පී.එච්. සමරවීර ගුණරත්න මහතාය.
2016 මැයි 18 වැනිදාත් ජුනි 20 වැනිදාත් අතර කාලයේ දෙහිවලදී ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් එක් පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ඉෂානි අස්විනි ද සිල්වා නමැත්තියගෙන් රුපිල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 25,000ක් ලබාගත් බවට චෝදන 10ක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් චෝදනා එල්ල වූ ගල්කිස්ස එස්.සී.අයි.බී.ඕ.අයි.සී. නිදොස් කොට නිදහස්
kasun Sunday, 07 April 2024 01:37 PM
අනේ අම්මේ මෙහෙම පොලිස් මහත්වරු...!
Prabha Sunday, 07 April 2024 02:01 PM
අවුරුදු කන්න සල්ලිත් නෑ. යන්න ඕනේ අපේ ඕ.අයි.සී. මහත්තයාගෙන් අතමාරුවක් කරගන්න.
de silva Sunday, 07 April 2024 04:10 PM
සමහරවිට oic මහත්මයා සල්ලි පොලියට දෙන ඩේලි පේමන්ට් කාරයෙක්ද කියලා කවුද දන්නේ?
විහග සත්සර බණ්ඩාර Sunday, 07 April 2024 09:48 PM
පළපුරුදු පොලිස් කාරයෙක් සී.සී.ටී.වී.. කැමරාවක් ඉස්සරා අල්ලස් ගන්නවා කියන එකම මෝඩ කමක්... විනිසුරුතුමාගේ තීන්දුව ලබා දෙන්න ඇත්තේ නඩුවේ සාක්ෂි මත. ඕනෑතරම් බොරු පැමිණිලි කරනවා තමන්ට වාසි විදියට පොලිස් නිලධාරින් පැමිණිලි විභාග නොකරන අවස්ථාවල... තීන්දුව කියවලා බලන්නේ නැතුව තීරණය විවේචනය කිරීම සුදුසුයි...
Bamunuarachchi Monday, 08 April 2024 01:50 PM
කොහෙවත් ඉන්න ගැහැනියකට සල්ලි දුන්නේ ඇයි කියලා ගෙදර උන්දැ ප්‍රශ්න කලොත් අන්න මල්ලී ඒක තමයි ගෙදර.