(මනෝප්‍රිය ගුණසේකර)
අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව අගොස්තු 29 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීරණය කළේය.
නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ඇති හෙයින් නඩුව විභාගයට නියම කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවී මහතා කළ ඉල්ලීමක් පිලිගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා නඩුවේ සාක්කිකරුවන් වශයෙන් නම් කර සිටින රූපවාහිනි සංස්ථාවේ අලෙවි අධ්‍යක්‍ෂවරයාට සහ සහකාර අලෙවි අධ්‍යක්‍ෂවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිතුත් කළේය.
2014 නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පළමු විත්තිකරු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රූපවාහිනි සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන මොහොතක එහි ප්‍රවර්ධන වැඩසටහනකට යැයි පවසමින් රුපියල් 9 90 000/-ක මුදලක් වැය කොට ජී අයි බට 600 මිලදී ගෙන රජයට පාඩු සිදු කළ කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට.. නිළියන්ගේ කේස් එක ගන්නේ කවදාද ?
අපේ ඇමතිතුමාට ගරු සරු ඇතුව කාලගුණ සලකන්න රිමාන්ඩ් එකේ කවුරුවත් නැද්ද
පව් කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා.