IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රී තුනක් ඇමැති බංගලාවල බින්න බැහැලා

(සුජිත් හේවාජුලිගේ)

ඇමති නිල නිවාසවල නීති විරෝධීව  රැඳී සිටින මන්ත්‍රීවරුන්  තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් කටයුතු කරන අංශය මේ සම්බන්ධයෙන්  අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමු කර ඇතැයි දැනගන්නට ඇත.

මේ පිරිස අතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කොළඹ  දිස්ත්‍රික්කයේ  ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරයකුද වන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තවද හදිසි අනතුරකින් පසුගියදා අභාවප්‍රාප්තවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට  ලබා දී තිබූ ඇමති නිවසේ ඔහුගේ පවුලේ සාමාජිකයන් තවදුරටත් රැඳී සිටින හෙයින් ඒ  සම්බන්ධයෙන්ද  කටයුතු කිරීමට සිදුවන බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට වෙන් කෙරුණු ඇතැම් නිවාසවල ඔවුන්ගේ හිතවතුන් ඥාතීන්  සහ ආරක්ෂකයන් රඳවා සිටින බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විමර්ශනයක් අරඹා ඇත.

 



අදහස් (9)

මන්ත්‍රී තුනක් ඇමැති බංගලාවල බින්න බැහැලා

ranjith Sunday, 07 April 2024 10:50 AM

මෙයාලගේ කතාව නම් රටට මෙයාලා නැතිව බැහැ වගේ... සමහරුන්ගේ නිල නිවාසවල ජලබිල්, විදුලි බිල් වගේ දේවල් මහජන මුදලින්ම පියවනවා කියලාත් තිබුණා. ලැජ්ජා නැතිකම මිසක්...

:       0       12

නිලන්ත Sunday, 07 April 2024 11:19 AM

ලාල්කාන්ත සහ වසන්ත සමරසිංහ ඉන්නේත් මාදිවෙල...!

:       9       9

සුරංග Sunday, 07 April 2024 01:09 PM

නිලන්ත කියනදේ සත්‍ය නම් මේ මිනිස්සු රට හදනවා කියලා බෙරිහන් දෙන්නේ කටින්ද? නැත්නම් වෙනත් තැනකින්ද? කියලා අහන්න වෙනවා මේ කියන දෙදෙනාම මන්ත්‍රීලා නොවෙයි, ඉතින් එහෙම මොවුන් රජයේ දේපළ අවභාවිතා කරනවා නම් ආණ්ඩුව ගත්තොත් මොනවා නොකරයිද?

:       1       8

fairoos Sunday, 07 April 2024 11:53 AM

මේවා අද ඊයේ වෙන දේවල් නෙවෙයි නේ... නිකන් බොරුවට කියවනවා විතරයි... කිසිම තීරණයක් ගන්න බෑ..

:       0       9

ravin Sunday, 07 April 2024 01:56 PM

රට හැදීම ආරම්භ කළ යුත්තේ උත්තරීතර යයි කියාගන්නා තැනින් මිස වෙනත් තැන්වලින් නොවේ...

:       0       9

sunilSunday, 07 April 2024 04:43 PM

ඔබ හරි, ඒ උත්තරීතර මිනිසුන්... මොවුන් කොහොමද උත්තරීතර වෙන්නේ.

:       0       8

රාලහාමි Sunday, 07 April 2024 04:40 PM

ලේකම්තුමා හදිසි වෙන්න එපා..., තව මාස කීපයකින් ඒ අයව බෙල්ලෙන් අල්ලලා, පයින් ගහලා එළියට දානවා රටේ මිනිස්සුන් විසින්ම...!

:       0       11

hashitha Monday, 08 April 2024 08:36 AM

මේගොල්ලාගේ නම් ප්‍රසිද්ධ කරන්න බය ඇයි?

:       0       1

Perera Monday, 08 April 2024 08:49 AM

ඕකුන් ඔක්කෝමලාගේ පශ්චාත් භාගෙට පයින් ගහලා ජනතාව දොට්ට දාන දවස වැඩි දුරක නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site