(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව 2028 වසර වන විට බිම්බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණ වලින් තොර රටක් බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට තව ඇත්තේ කිලෝමීටර් 23 ක් බවද අමාත්‍යවරයා කීය.
බිම්බෝම්බ තිබූ සමස්ථ භූමියෙන් කිලෝමීටර් 1340.87 ක ප්‍රදේශයක බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, එම ප්‍රදේශයෙන් බිම්බෝම්බ 2,492,081 ක් සොයාගෙන විනාශ කර ඇති බවත් ඇමතිවරයා කීය.
උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කර සිවිල් පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතතාවය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද ඇමතිවරයා පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ලෝක බිම්වෙඩි දින ජාතික උත්සවයට සහභාගී වෙමිනි. මෙම උත්සවය කිලිනෝච්චිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිම් බෝම්බ වැළලුවේ අපි නොවෙයි. දෙමළ සෙට් එක ඒගොල්ලෝම හොයා ගනීවි. අපි මොකටද ඕව හොයන්න යන්නේ? කොහේ තිබෙන අමාරුවකටද?
ඔය කිලෝමීටර් 23 නේ දියවන්නාවේ ඉන්න 226 ඔහොම්මම පදිංච කරවන්න.