(අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ පළමු වරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නාය.
ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස්, බණ්ඩක්කා සහ බඩ ඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා ඉහල ඉල්ලුමක් විදේශ රටවල් ගණනාවකින් ඉදිරිපත් ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පෞද්ගලික අංශය එක්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ කර ඇත.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙතෙක් විවිධ බෝග වර්ග සදහා බීජ විදේශ රටවලින් මෙරටට ආනයනය කළ ද මේ වනවිටත් ලංකාවේ වගාවට ඉතාමත් උචිත බීජ නිෂ්පාදනය කෙරෙමින් පවතින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොඳයි. ඊට ඉස්සෙල්ලාම රටේ අවශ්‍යතාවය සපුරලාම පටන් ගත්තානම් වඩාත්ම උචිතයි.
රටේ අවශ්‍යතාව සපුරන්න නෙමේ මේගොල්ලන්ට අවශ්‍ය බීජ ටිකත් රට පටවන්න. ඊට පස්සේ එළවළු, පලතුරු ටිකත් පිටරටින් ගෙන්වන්න...
පරීක්ෂණය සාර්ථක නම් ඉන්පසු කළයුත්තේ කුමක්ද? ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ගැනීමයි. මේ රටේ නිෂ්පාදනයකළ බීජවල " ජීව විද්‍යාත්මක " අයිතිය මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු බව ඉන් කියැවෙනවා. ඒ සමගම ඒ බීජවල ජාන විකුර්ති කිරීමක්, සංස්කරණය කිරීමක් කිරීමට කිසිවෙකුටවත් නීතිමය අයිතියක් නැති බවත් ඉන් කියැවෙනවා. මේ පියවර ගත්තේ නැතිනම් වෙනත් රටවල් මේ බීජ ආනයනය කොට, ඉන්පසු ඒ රටවලදී ජාන තාක්ෂණයෙන් ජාන විකුර්තිකළ වැඩි අස්වනු දෙන බීජ නිපදවා වැඩිමිලට වෙළඳපළට නිකුත් කිරීමට පුළුවනි. එවිට අපේ බීජවල අලෙවිය නැතිවී යයි. අපේ රටේ, අපේම ශාකයක්වුණු "බිනර" ගසට- මලට අපිට අයිතිවාසිකම් කීමට නොහැකි වුනේ අපේ මිනිසුන්ගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නිසයි. රෑ වැටුණු වලේ දවලුත් නොවැටී සිටීමට දැන්වත් අපි සිතාගත යුතු නොවේද?