
(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - ලග්ගල, විල්ගමුව, එළවනාකන්ද ප්‍රදේශයේ දී අද ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් එහි තිබූ භූමිතෙල් මාර්ග දිගට ගලා ගිය බව විල්ගමු පොලිසිය කියයි.
දඹුල්ල දෙස සිට විල්ගමුව දෙසට ධාවනය වෙමින් තිබූ ලංකා කනිජ තෙල් නිතිගත සංස්ථාවට අයත් මෙම ඉන්ධන බවුසර් රථය එළවනාකන්දේ බෑවුමේදී මෙසේ පෙරළි ගොස් ඇත.
මීට සති කීපයක පෙරද මෙවැනිම අනතුරකින් එක් අයකු මියගිය බවත් මේ ප්‍රදේශයේ සිදුවූ අනතුරුවලින් මේ වන විට විශාල පිරිසක් මියගොස් ඇති බවයි.
ඉතා අවදානම් කඳු බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ අනතුරු සංඥා පුවරු නිසි ලෙස යොදා මෙම අනතුරු වළක්වා ගැනීමට අදාල බලධාරීන් කටයුතු කළ යුතු බව ප්‍රදේශවාසීහු පවසති.
බව්සර් රථය පෙරලියාමත් සමග එහි තිබූ භූමිතෙල් විශාල ප්‍රමාණයක් කාන්දුවී අපතේ ගොස් ඇති අතර අවට අසල්වාසීන් ගලා ගිය භූමිතෙල් එක් රැස් කරන ආකාරයක්ද දක්නට ලැබීණි.
මෙම අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු විල්ගමු පොලිසිය මගින් සිදු කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බවුසරය පෙරළී භූමිතෙල් පාර දිගේ ගලා යයි
අපකීර්ති වර්ණකුලසූරිය Monday, 08 April 2024 06:52 AM
මේවා භූමියට අයිති තෙල්. ඒකයි භූමිතෙල් කියන්නෙ. ලොරිය හරි තැනට තෙල් ටික ගෙනල්ල තියෙන්නෙ.