
(බුද්ධික කුමාරසිරි සහ චමිලා අල්විස්)
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට මොරගහහේන මාලොස්ඇල හන්දියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිපිටිය, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි රූපසිංහ ආරචිගේ නයනානන්ද සහ පිළියන්දල ප්‍රදේශයේ වසන්ත පෙරේරා යන පුද්ගලයින් බව පොලිසිය කියයි.
මෙම වෙඩි වැදිමෙන් බරපත තුවාල ලබා සිටි දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එම දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලෙන් දෙදෙනා මංකොල්ලකෑම් කිහිපයකට අදාළ පුද්ගලයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
මේ පිළිබද වැඩිදුර විමර්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
---------------------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ , බුද්ධික කුමාරසිරි)
මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි ත්‍රිරෝද රියේ ගමන් ගත් දෙදෙනා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි
මියගිය දෙදෙනා කවරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටියදී පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සුදු පාටට හුරු මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පැත්තෙනුත් යුක්තිය මෙහෙයුමක් යනවා වගේ. හැබැයි අපේ එකට වඩා ජයටම යනවා. බොරු සෝබන නෑ. ඔවුන් ටාගට් කරන්නේ ඇත්තම අය. අපේ තියෙන්නේ ප්‍රදර්ශනාත්මක මෙහෙයුමක් විතරයි. නටපු නැටුමකුත් නෑ බෙරේ පලු දෙකමත් නෑ.
"යුක්තිය මෙහෙයුම" හබක් නේද? අපරාදේ සල්ලි...
මේ අපරාදකාරයින්ට උන්ට තේරෙන භාෂාවෙන් කතා කරලා තියෙන්නේ කවුද කියලා හිතාගන්න පුළුවන්