රැඟුම් පාලක මණ්ඩලයේ රැඟුම් නවත්වන්න කැබිනට් අනුමැතිය 1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැගුම් ආඥා පනත පරිච්ඡින්න කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීම සඳහා වූ පනත් කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 20 February 2024
ලෙල්ලම වෙඩි තැබීමේ සිද්ධියට සැක අයෙක් අත්අඩංගුවට මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍ර දේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු හෙරොයින් සමග කඩවත මංකඩ පාර ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක පවසයි. 20 February 2024
අධිකරණ වැඩට ’’කඩුව’’ පාවිච්චි කරන්න අවසර ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් හා වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
හරීන්ට කොල්ලුපිටියේ විරෝධයක් ක්‍රීඩා, යෞවන සහ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ‘ශ්‍රී ලංකාව ඉන්දියවේ කොටසක්’ යැයි කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ‘එට්කා’ එපා ජාතික එකමුතුව’ කොල්ලුපිටියේ පිහිටි ඉඩම් සහ සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පෙරවරු විරෝධතාවක් පැවැත්වීය. 20 February 2024
උයිලංකුලම් ගොවියෝ ජීවිත අරක්ෂාව ඉල්ලා විරෝධයක මන්නාරම උයිලංකුලම් නොච්චිකුලම් ප්‍රදේශයේ පිහිටි කුඹුරුයායක ගොවිතැන් කටයුතුවල නිරත වූ ගොවියෙකුට කිසියම් පිරිසක් වෙඩිතබා පලාගොස් ඇතැයි පොලීසිය කියයි. 20 February 2024
ලංකාව- ඉන්දියාව තවත් කිට්ටු කරන්න තීරණයක් ගනියි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
බන්ධනාගාරවලට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්‍රව්‍ය මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු රැදවියාට දීමට රැගෙන ආ දන්තාලේපයක් තුළ සූක්ෂම ලෙස සඟවා හොරයින් මිලිග්‍රෑම් 3410 ප්‍රමාණයක් වෙස්ලි මුරපොල රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ නිලධාරීන්ගේ දැඩි සෝදිසියේ ප්රතිඵයෙන් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 20 February 2024
හෙරොයින් සමඟ යුවළක් මාට්ටු : බිරිය ගිල දැමූ හෙරොයින් වමාරයි යුක්ති මෙහෙයුමට සමාගාමීව වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් සිදුකරන ලද වැටලීමකදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ විවාහක යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 20 February 2024
මහ බැංකු වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යාංශයට පාලනය කරන්න බෑ මහ බැංකුවේ වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යංශයෙන් පාලනය කරන්න බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 February 2024
ත්‍රස්ත පනතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මැති සබයට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් නීතියක් බවට පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (20) දැනුම් දුන්නේය. 20 February 2024
මහ බැංකුවේ උදවිය කොලේ වහලා වැඩේ කරගෙන රට බංකොලොත් කළ මහා බැංකුවේ නිලධාරීන්ට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි වීමක් ලබා දී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 February 2024
කෘෂි ඇමතිට ජාත්‍යන්තර තනතුරක් ලැබෙයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ ඉදිරි වසර දෙක සඳහා සභාපතිත්වයට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කරගනු ලැබීය. 20 February 2024
බැංකුවලට පොලු තැබූ තෝරු මෝරු ලයිස්තුව කියන්න රාජ්‍ය බැංකුවලට පොලු තැබූ තෝරු මෝරුන්ගේ ලැයිස්තුව මැතිසබයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රශ්න කළේය. 20 February 2024
මාතර රෝහලට ගෙන්වූ සීටී ස්කෑන් යන්ත්‍රය මාස 2ක් රේගුවේ රුපියල් කෝටි 14 මුදලක් වැය කොට මාතර රෝහල සඳහා ගෙන්වූ සීටී ස්කෑන් යන්ත්‍රය මාස දෙකක් තිස්සේ රේගුවේ රඳවා ගෙන සිටින බව සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 February 2024
දුම්කොළ ඇතිරූ චොකලට් බිස්කට් රැදවියකුට දෙද්දී මාට්ටු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලිමට අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ලයෙකු එම සැකකරුවෙත ලබාදීමට රැගෙන ආ චොක්ලට් බිස්කට් පැකැට්ටුවක සියළුම බිස්කට් තුළ ඉතා සුක්ෂම අයුරින් දුම්කොළ කැබලි සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 20 February 2024
විදුලි පාරිභෝගිකයන්ට සතුටුදායක ආරංචියක් විදුලි බිලට මුලින් කී සහනයට වඩා වැඩි සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 February 2024
පලංචියෙන් වැටි පෙදරේරුවා මරුට හෝමාගම කැන්දලන්ද කෘෂි මාවත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක මායිම් බිත්තියක් කපරාදු කිරීමට ඉදිකර තිබූ යකඩ පලංචියක් කඩා වැටී අඩි 18 ක් පමණ උසක සිට බිමට ඇද වැටුණු තිදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 20 February 2024
හරින්ගේ කතාවට මැතිසබේ උණුසුම් ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද(20) ප්‍රශ්න කළේය. 20 February 2024
ජාතික භෞතික සැලැස්ම පළාත් මට්ටමින් ‘ජාතික භෞතික සැලැස්ම’ පළාත් මට්ටමින් සැකසීමට තීරණය කර තිබේ. 20 February 2024
තියුණු ආයුධ පහර කෑ පහක් රෝහලේ අනියම් සබඳතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත කිලිනොච්චිය රාමනාද පුරම් ප්‍රදේශයේ පදිංචි පස්දෙනකුට තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදුකළ සිදුකළ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි. 20 February 2024
ඉරාන විදේශ ඇමැති ලංකාවට පැමිණෙයි ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා තෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 20 February 2024
බොරැල්ලේදී පුද්ගලයෙක්ට වෙඩි මත්ද්‍රව්‍ය ජාවාරමක ඇතිවූ ආරවුලක් මත නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බොරැල්ල පොලිසිය පවසයි . 20 February 2024
පැත්තකට වැසි පැත්තකට තද සුළං නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 February 2024
ශ්‍රී ලංකාව දෙවැනි විස්සයි20 තරගය ලකුණු 72 කින් ජයගනී ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 72 ක පහසු ජයක් ලැබූහ. 19 February 2024
ලෙල්ලම පුද්ගලයන් කීපදෙනෙක් භුක්ති විදිනවා මීගමුව පිටිපන ලෙල්ලම අයිතිය නැවත පවරා දෙන ලෙස ඉල්ලමින් අගරදගුරු හිමියන් අධිකරණය වෙත ගියේ එහි ආදායම පුළුල් ධීවර පිරිසකට හිමිකර දීමේ අදහසින් මිස පෞද්ගලිකව අයිතිකර ගැනීම සඳහා නොවන බවත් එම ධීවර මධ්‍යස්ථානය වසර ගණනාවක් සිට පිටිපන එක්සත් ධීවර සමිතිය යැයි කියගන්නා පුද්ගලයන් කීපදෙනෙක් පමණක් භුක්ති විදින බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නිවේදනයක් නිකුත් කරමින් අද (19) පස්වරුවේ පැවසූහ. 19 February 2024
බ්‍රිතාන්‍යයත් ජාතික ජන බලවේගය හමුවෙයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් පැලවත්ත ජනා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (19) පැවැත්විණි. 19 February 2024
පෙබරවාරි මුල් සති දෙකේදී සංචාරකයින් ලක්ෂයක් මේ මාසයේ මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 19 February 2024
කොළඹ ජාතික රෝහලේ අමුතු වැඩවර්ජනයක් සේවයට වාර්තා කළ යැයි සටහන් කර කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඉවත්කරන ලෙස බලකරමින් රෝහල් පරිශ්‍රය තුළ නිල නොවන වැඩවර්ජනයක් කරන එම රෝහලේ සේවකයන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස වෛද්‍යවරු පැමිණිළි කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 February 2024
ශ්‍රී ලංකා පිල ලකුණු 187 ක් රැස්කරයි ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් රැස්කිරීමට සමත් විය. 19 February 2024
සරත් ෆෙන්සේකා ගැන සජබයට වාරණයක් සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සමගි ජන බලවේගය පක්ෂයට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (19) නිකුත් නිකුත් කළේය. 19 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026