IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකා තේ නම රැකගන්න ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ තේ වලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තැන ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණි.

 තිරසර වැවිලි ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය පෞද්ගලික ජනතා හවුල්කාරිත්ව වැඩ සටහන නමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම අවබෝධතා ගිවිසුම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී අත්සන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ තේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර වෙළෙඳපොළ  ඉලක්ක කර ගනිමින් පිළිගත් ප්‍රමිතිකරණයකින් යුක්තව තේ නිෂ්පාදනය කිරීමත් මෙම අන්තර් සහයෝගිතා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ මුලික අරමුණයි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ තේ වගාවේ ප්‍රගමනය  සඳහා රාජ්‍ය හා පෞද්ගලික  අංශය මෙන්ම මහජන සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ සටහන නිසා ශ්‍රී ලංකාවේ තේවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැකගැනීමට හැකිවන බව ද සඳහන් කළේය.

 

 



අදහස් (0)

ලංකා තේ නම රැකගන්න ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site