IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආහාර විස වී 100ක් රෝහලේ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

නල්ලතන්නිය ලක්ෂපාන තේවතුයායේ  කෝවිලක වාර්ෂික තේරු උත්සවයට පැමිණි හින්දු බැතිමතුන්ට ලබා දුන්  දන්සලේ ආහාර විස වි 100 කට ආසන්න පිරිසක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව  පොලිසිය පවසයි.

මෙම පිරිස අතර කුඩා ළමයින් හා වතු කම්කරු කාන්තාවන් හා පිරිමින් පිරිසක් සිටිති.

ඊයේ (07) දන්සැලේ ආහාර අනුභව කිරීමෙන් අනතුරුව පිරිසකට  එදින පස්වරු 06.00 ට පමණ වමනය හා ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසුව මෙම පිරිස මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

රෝහල් ගත කර පිරිසගෙන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.

40 කට ආසන්න පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ  වෛද්‍යවරු පැවසුහ.



අදහස් (0)

ආහාර විස වී 100ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site