IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත් අවුරුදු කැවිලි මේසයේ වටිනාකම දෙගුණයකින් වැඩි වෙලා

(යොහාන් භාසුර)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනිවාර්ය සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.

කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් 2.2 ක ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම පසුගිය වසරට (2023) වඩා සියයට 2 කින් පමණ සුළු පහත වැටී ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය කියයි.

‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවත්වාගෙන යන PublicFinance.lk ප්‍රචාරය කළ අවුරුදු රසකැබිලි මේසයට දැරිය යුතු වියදම පිළිබඳව අධ්‍යනයකින් මෙම තොරතුරු හෙළි වූ බවත් පසුගිය වසරේ (2023) රසකැවිලි සෑදීමට ගන්නා අඩුමකුඩුමවල මිල 2019 වසරට සාපේක්‍ෂව 2.3 කින් ඉහළ මට්ටමක පැවතුණ ද මෙම වසරේ එහි සුළු අඩුවීමක් ඇති බවත් එම ආයතනය කියයි.

මෙම විශ්ලේෂණයේදී පුද්ගලයන් 4 ක් හෝ 5 කින් යුත් නිවසක් සැළකිල්ලට ගනිමින් ආහාර සම්බන්ධ ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක ආහාර වට්ටෝරුව පදනම් කරගත් බවත් රසකැවිලි නිෂ්පාදනයට වැයවන විදුලිය සහ ගෑස් මෙහිදී සැළකිල්ලට ගෙන නොමැති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කරයි.

මෙම සමීක්‍ෂණය සඳහා 2019, 2023 සහ 2024 වන වසරවල අප්‍රේල් මස පළමු සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සාමාන්‍ය මිල සහ සෘජුවම ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත් මිල බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 



අදහස් (1)

අලුත් අවුරුදු කැවිලි මේසයේ වටිනාකම දෙගුණයකින් වැඩි වෙලා

Rawana Sunday, 07 April 2024 09:55 PM

Vérité රිසර්ච් ලා කාටද කඩේ යන්නේ කියලා අපි දන්නවා, කලින් පාරකුත් IMF මීටරය කියලා බොරුවක් ඉදිරිපත් කරා මතකයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site