IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම සජබෙ අල්ලගෙන

(අංජුල මහික වීරරත්න)

අද සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැතැයි ද මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම විසින් යැයිද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවද  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (07) පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි.

2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමග මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද අද සියලුදෙනා රට පිළිබඳ සිතා රජයේ වැඩපිළිවෙළ සමඟ සහයෝගයෙන් ඉදිරියට යා යුතු බවද පැවසීය. 

 

 



අදහස් (18)

පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම සජබෙ අල්ලගෙන

Hafeel Sunday, 07 April 2024 04:32 PM

ඉදිරියට යන රජයේ වැඩපිළිවල කියලා කියන්නේ ලාබ ලබන රාජ්‍ය ආයතනවල් විකුණන්න ඒක හොරුන් ආරක්ෂා කරන එක නේද? ඕකටද සියලු සහයෝගය දෙන්න ඕනේ...!

:       16       61

චමින්ද Sunday, 07 April 2024 04:43 PM

මුලින්ම නුසුදුසු අය ගත්තා කියලා සජබ සභාපති විරුද්ධත්වය ප්‍රකාශ කළා... ඊයේ, පෙරේදා ජාතික සංවිධායක විරෝධය ප්‍රකාශ කළා... දැන් සජබ සමග ඇවිල්ලා සිටින කියත්මගේ අය නිසා අන්තිමට සජිත්ට වෙන්නේ මොකක්ද කියලා සජිත්ට හිතාගන්නවත් බැරිවේවි...!

:       9       37

සිල්වා Sunday, 07 April 2024 04:54 PM

ඉතින් එජාපයත් පොහොට්ටුවේ පිහිටෙන් තමයි ඉන්නේ...!

:       13       59

විජිත් Sunday, 07 April 2024 05:10 PM

තමන්ව ජනාධිපති කරන්න ඡන්දෙ දුන්නේ පොහොට්ටුවෝ බව අමතක කළා. කොහොමත් ඔයාට ඡන්දේ දෙන්න මිනිස්සු මෝඩ නැහැ. මුළුරටම එක මිටට ජාතික ජනබලවේගයට..!!! මාලිමාවට ජයවේවා...!!!

:       26       52

සිල්වා Sunday, 07 April 2024 08:08 PM

මාලිමාවට උඩ දානවා වැඩියි. හරියට එදා ගොඨාභයට වගේ. අන්තිමට ගොඨාභය කොන්ද කඩා ගත්තා. අනුර සහෝදරයා ගෝඨාභය දෙක විය හැකියි.

:       2       2

බුද්දික Sunday, 07 April 2024 06:04 PM

හරි හිතට අමාරුයි නේද? මේ වසරේ නොවැම්බර් වෙද්දී මෙයා හිටපු ජනාධිපතිනේ...!

:       13       39

ravin Sunday, 07 April 2024 06:08 PM

ඔය කියන අය හැමදාම පැන පැන ගිය අය...

:       4       31

ranjith Sunday, 07 April 2024 06:38 PM

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැතිනම් හොඳයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මොනවද කියලා 1977 සිට මිනිස්සු අත්විඳලා තියෙනවා.

:       9       26

nanda Sunday, 07 April 2024 06:43 PM

UNP ප්‍රතිපත්තිවලට මනාප ලක්ෂ 4-5 ජනතාවක් තවමත් ඇති...

:       7       32

Anura Sunday, 07 April 2024 06:49 PM

පහුගිය මැතිවරණයෙන් එක පාර්ලිමේන්තු ආසනයක්වත් දිනාගන්න බැරිවුණු එජාපය කියන පක්ෂය තවම තියනවාද?

:       11       35

Lelwala Sunday, 07 April 2024 07:21 PM

මේ රට හදන්න පුළුවන් රනිල්ට පමණයි. අපේ පළාතම රනිල්ට. ඔහු තමයි රට ආර්තිකයෙන් ගලවාගත් වීරයා. රටේ ණය බර ටිකටික ගෙවාගෙන යනවා. ඩොලර් බිලියන ගාණක් ආපසු ගෙවා ඇති බව මාධ්‍යයෙන් දැනගන්න ලබුණා.

:       46       15

අශාන්Monday, 08 April 2024 05:09 AM

බොරුවට රැවටෙන ඔබ වැනි අය තවමත් ලංකාව තුල සිටීම කොතරම් කණගාටුදායකද? ජනාදිපති පලමු ඇමති වුනෙ 1977. එතකොට මම 5 ශ්‍රේනියේ.දැන් මගේ පොඩි පුතත් උසස් පෙල අවසන්. මෙයා තාම රට හදනව. පොඩ්ඩක් හිතන්න.

:       0       9

DHARMATILEKE Sunday, 07 April 2024 08:20 PM

ළිඳට වැටෙන මනුස්සයා කොහේ හරි එල්ලෙනවා...

:       0       4

චන්දන Sunday, 07 April 2024 09:58 PM

ඉතිං මනුස්සයෝ එජාප ප්‍රතිපත්තිය සජබෙ තියෙනව නම් ඒක එජාපය ම නෙ... ඒක නෙ සජබෙ වෙනමම පක්ෂය ක් වෙන්නෙ ... මේකට පිස්සු ද .

:       0       3

Chathuri Monday, 08 April 2024 02:31 AM

තමන් හරිනම් කොන්ද පන තියෙනවාන්ම්. ඔයා සේරම නඩේ අල්ලා ගත්තත් කමක් නැහැ හැන්ද තියයෙන්නෙ ජනතවා අතෙ මෙදා සැරේ තමයි නියමෙට තියෙන්නෙ

:       0       4

Akila Monday, 08 April 2024 07:27 AM

මිනිස්සු එලවපු පොහොට්ටුවේ ලොකුම හොරු ටික රනිල් අල්ලාගෙන

:       0       10

ගමේ එකාලා Monday, 08 April 2024 04:22 PM

අමුතුවෙන් කියලා අල්ලගන්ඩ දෙයක් නැහැ. තමුන්ගේ වාසියට පැවැත්මට එහෙට මෙහෙට පනින එවුන් ගැන අපි නොදන්නවා නෙවෙයි.

:       0       0

Perera Tuesday, 09 April 2024 05:05 AM

මෙයාගේ පස්සෙනුත් පොහොට්ටුවේ කණ්ඩායමක් ගිහින් තියෙන්නේ... මොවුන් ඔක්කොම එකයි. මොවුන්ට කිසිම ඡන්දයක් දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site