IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වියත්මගේ පිරිස් ගනිද්දී වියත්ව සිතන්න

(ආරියරත්න රණබාහු )

රට බංකොලොත් කළ වියත්මගේ පිරිස් පක්ෂයට බඳවා ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

පක්ෂය වෙනුවෙන් අපි කැපවී කටයුතු කරන පිරිස් ආරක්ෂා කරගෙන විශ්වාස වන්ත පිරිස් පමණක් එකතු කරගැනීම නුවණට හුරු බව පැවසූ මන්ත්‍රීවරයා එසේ එකතු වන අයගේ හැකියාව සහ ඔවුන්ට රටේ ඇති පිළිගැනීම තක්සේරු කළ යුතු යැයිද කීය.

එසේ ප්‍රවෙිශමෙන් ක්‍රියා නොකළහොත් ජනතාවගේ චෝදනාවට ලක්විය හැකියැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා මේ බව පැවසුවේ සමගි ජන සන්ධානය සමඟ නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක් එක්වීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරමිනි.

 

 



අදහස් (6)

වියත්මගේ පිරිස් ගනිද්දී වියත්ව සිතන්න

Nimal Sunday, 07 April 2024 07:59 PM

වියත්මග නොවේ එය විපත් මග... දේශපාලුවන්ගේ හෙංචයියලා ටිකක් රට වැනසූ කාලකණ්ණි හැතිකරේට ඒ සඳහා නොමසුරු සහයෝගයක් දුන් අය.

:       0       4

gunarathna Sunday, 07 April 2024 08:06 PM

නාලක ගොඩහේවා කියන්නේ කිසිම ඡන්ද පදනමක් නැති කෙනෙක්. ගෝඨාභය නිසා මිනිස්සු ඡන්දෙ දුන්නේ... තිස්ස මහත්තයෝ ඔබතුමාගේ නායකයාට කියන්න ඕනෙ දේවල් මාධ්‍යයට කියලා වැඩක් නැහැ...

:       0       4

sam Monday, 08 April 2024 03:08 AM

ඔවා දෙනු පර හට, තමා සම්මතෙහි පිහිටා සිට.

:       0       4

ගමේ එකාලා. Monday, 08 April 2024 04:46 AM

තමුන් ගැන උනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .මහින්දයා ගේ සාටකේ එල්ලිලා සවුක්‍ය ඇමති වෙලා කරපු හරිය මදෑ.

:       0       7

Roshan Monday, 08 April 2024 09:37 AM

තිස්ස, තිස්ස නවතිනු, තිස්ස, තිස්ස නවතිනු තිස්ස, නවතිනු

:       0       3

kotiya Tuesday, 09 April 2024 02:50 AM

පක්ෂේ අදාලම නෑ. තිස්ස අත්තනායක ඉන්නේ මොන පැත්තේද ඒ පැත්ත පරාදයි. කොටින්ම මහින්දට හේත්තු වෙච්චි සැරේ මහින්දත් පරාදයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site