(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තිය සමිති හතක නිලධාරීන් 28 දෙනකුට ප්‍රසාද දීමනා හා දිරිදීමනා වශයෙන් රුපියල් එක්කෝටි දාහක් ලක්ෂයකට වැඩි මුදලක් පසුගිය 2022 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අනුව ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් එකොළොස් ලක්ෂයකට ආසන්න මුදලක්ද දීමනා වශයෙන් එක් කෝටියකට වැඩි මුදලක්ද ගෙවා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
වෘත්තීය සමිති කටයුතු සඳහා නිදහස් කරන ලද නිලධාරියකුගේ වැටුප් සහ ජීවන වියදම් දීමනාව රජය විසින් ගෙවනු ලබන අතර ඔහු රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවන්නේ නම් රජයේ දායක මුදල් කොටස ඔහු නියෝජනය කරන සංගමය එම අරමුදලට ගෙවිය යුතු නමුත් එම මුදල මණ්ඩලය විසින්ම ගෙවනු ලබන බව විගණන නිලධාරින්ට නිරීක්ෂණයවී ඇත.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංගම සමිති ලොක්කන්ට කෝටියක සන්තෝසම්
Prabha Sunday, 07 April 2024 05:07 PM
ඒක යකාගේ නීතියක්නේ. ඔවුන් පක්ෂවලට දරදිය ඇදලා මහජන බදුමුදලින් ජීවත් වෙනවා.
නුවන් Sunday, 07 April 2024 05:29 PM
වැඩක් නෑනේ. මේවා කෝප් එකේ කතා කරනවා විතරයි... අපි බලාපොරොත්තු වෙන්නේ නියම නායකයෙක් ඉන්න රටක්... මේ වගේ දූෂණයක් දැන ගත්තු ගමන් සම්බන්ධ සේරගේම වැඩ තහනම් කරලා.. විදෙස් ගමන් තහනම්... පරීක්ෂණ ඉක්මණින් කරලා නඩු දාන්න ඕනෑ.. වැරැදි කරුවන් වුණොත් අවුරුදු 20ක් හිරේ දාලා.. සියලුම දේපළ රාජසන්තක කරලා... පවුලේ කිසිම කෙනෙක්ට රජයේ රැකියා තහනම් කරන්න ඕනෑ..
රංබොඩ Sunday, 07 April 2024 05:42 PM
පඩි සමඟ සියලු දීමනා දී අමතරව ප්‍රසාද දීමනාද පුදා වෘත්තිය සමිති කාරයින් රැක ගන්නා එකම රට මේක වෙන්න ඇති...
kotiya Sunday, 07 April 2024 06:54 PM
ඔන්න වෙනස් කරනවා නම් නීතී. හැබැයි එක පරයෙක් ඔය වගේ නීතී වෙනස් කරන් නෑ. ජේ.වී.පී. විෂේශයෙන්....