IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උත්සව සමයේ අත්‍යවශ්‍ය සේවා ගැන උපදෙස්

(යොහාන් භාසුර)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ රාමසාන් දිනය සමගාමීව යෙදී ඇති දීර්ඝ නිවාඩුව කාලයේ සෑම දිස්ත්‍රික්කයකම අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බවට රාජ්‍ය පරිපාලන, සේවදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ.


එම කාලය තුළ අපදා සහ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බව ද එම දැනුම්දීමේ සඳහන්ව තිබේ.


සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු කළ යුතු බව ද මෙරට ප්‍රධානම සංස්කෘතික අංගයක් වන අලුත් අවුරුද්ද සැමරීම සඳහා රාජ්‍ය අංශයේ සහයෝගය දීමට කටයුතු කළ යුතු බවත් ලේකම්වරයා වැඩි දුරටත් දැනුම් දී තිබේ.  

 



අදහස් (0)

උත්සව සමයේ අත්‍යවශ්‍ය සේවා ගැන උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site