IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙද සොහොයුරිය සිමෙන්ති ලොරියට බිලි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රැකියාව නිමවා සිය සැමියා සමග යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටි  කළුබෝවිල ශීක්ෂණ රෝහලේ හෙද සොයුරියක් සිමෙන්ති පැටවූ ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ පිළියන්දල ජාලියගොඩ විජය මාවත  ප්‍රදේශයේ පදිංචිව සිටි දිනූෂා ක්‍රිෂාන්ති ලියනගේ 47  දෙදරු මවකි.

ඇය වාට්ටු අංක 11  ප්‍රධාන හෙද සොයුරිය ලෙස කටයුතු කළාය. අනතුරින් ඇයගේ සැමියා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි

මියගිය හෙද සොයුරියගේ සැමියාද පෞද්ගලික රෝහලක තාක්ෂණ කළමනාකරුවෙකු ලෙස සේවය කරන අතර  ඔහු සේවය නිමවීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල අසලට ගොස් සිය බිරිඳව ද යතුරුපැදියට නන්වාගෙන ඇතැයි පොලිසිය කියයි.

 

 

 



අදහස් (3)

හෙද සොහොයුරිය සිමෙන්ති ලොරියට බිලි

ජගත් ලියනගේ Sunday, 07 April 2024 10:25 AM

ලොරිරථ රියදුරන් ඉතාමත් අකාර්යක්ෂම ලෙසයි තමන්ගේ රථය පදවාගෙන යන්නේ. ඒ ගොල්ලන් හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට වැඩිය අය තවත් නැහැ කියලයි. පොලිසිය ඒ ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුයි. අකාලයේ මියගිය එතුමියට නිවන් සැප ලැබේවා.

:       0       19

ranjith Sunday, 07 April 2024 10:47 AM

යතුරු පැදි වලින් මාර්ගයේ ගමන් කරන අය ආරක්ෂා කිරීමට වාහන පදවන රියැදුරන් සැලකිලිමත් විය යුතුය. මෙවන් වටිනා ජීවිත අකාලයේ මිය යෑමෙන් රටට වන පාඩුව කෙතෙක්ද?

:       2       16

සමන්ත Sunday, 07 April 2024 12:04 PM

ඉතාමත් සංවේදී සිද්ධියක් කියන්න පුළුවන්. මෙයට හේතුව හැටියට මම දකින්නේ අඩු වියදමින් යන්න පුළුවන් යතුරු පැදි කියලා තමයි මීට කාලෙකට පෙර රත්නපුර ශික්ෂණ රෝහල් හෙදියක් ජාතික රූපවාහිනී සේවයේ නියුතු සැමියා සමග යතුරු පැදියේ ගොස් දෙදෙනාම එකම තැනක මියගියේ කාළකණ්නි ඩිපෙන්ඩර් රියැදුරෙකුගේ නොහික්මුණු ගතිය නිසා තමයි කවුරු හෝ සමීක්ෂණයක් කළොත් යතුරු පැදි අනතුරු නිසා කොතරම් වටිනා ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වුණාද කියලා බලන්න පුළුවන් සමහර විට යතුරු පැදි අනතුරු මරණ ප්‍රමාණය තිස් අවුරුදු යුද්ධයෙන් මියගිය ප්‍රමාණය ඉක්මවා යනවා ඇති කියලා හිතෙනවා...

:       1       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site