විදුලි සැරෙන් විදුලි කාර්මිකයා අවසන් ගමන් යයි මේ දිනවල පවතින අධික රස්නය නිසා නිවසේ තිබූ අක්‍රීය විදුලි පංකාව අලුත් වැඩියා කිරීමට ගිය විදුලි කාර්මික ශිල්පියෙකුට විදුලිසැර වැදි මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි . 18 February 2024
රිය අනතුරින් තරුණ ජීවිත දෙකක් අහිමිවෙයි පිළියන්දල මාර්ගයේ නීලම්මහර හන්දියේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී ඉන් එක් යතුරුපැදියක් මාර්ගය අසල නවතා තිබූ බස් රථයක ගැටී යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු එම ස්ථානයේදී මියගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි. 18 February 2024
ලක්ෂ 10 ක මත්ද්‍රව්‍ය සමඟ තරුණියන් දෙකක් මාට්ටු ’පිළියන්දල සිතුම් නොහොත් සැන්ටා’’ ප්‍රංශයේ සිට සිදු කරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තරුණියන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ දහයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 18 February 2024
කටුනායක ගුවන් තොටේ දෙවන පර්යන්තයට ‘ජයිකා’ සහය නැවතත් ආර්ථික අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් බවට ප්‍රකාශය කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ දෙවන පර්යන්ත ව්‍යාපෘතිය සඳහා ‘ජයිකා’ ආයතනය සහන ණය වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 18 February 2024
ජුලි 31ට අවසන් කළ හැකි වැඩ පමණක් අරඹන්න කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනකට අධික කාලයක් නතරව තිබූ මෙරට සංවර්ධනය යළි ඇරැඹූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 February 2024
කතගේ මාලය කඩාගත් කත අල්ලයි මාවනැල්ල නගරයේදී බස් රථයක ගමන් කරමින් සිටී කාන්තාවක් පැළඳ සිටි රුපියල් ලක්ෂ 4 ට අධික වටිනා රන්මාලයක් කඩාගෙන පලා යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය පවසයි. 18 February 2024
ණය උගුලේ හිරවුණු 200 ක් මරු තුරුලේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු දෙසීයකට වැඩි පිරිසක් මෑත භාගයේදී සියදිවි හානි කරගෙන ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වේ. 18 February 2024
රේගු පරීක්ෂක විභාගය හොරට ලියා මාට්ටු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂක තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ පැවති විභාගයකදී, කූඨ ලේඛන සකස් කර විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 18 February 2024
මැති සභා කමිටු මුල් පුටුවලට ලොකු පොරයක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභාවන්ට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් අතරේ විශාල මතභේදාත්මක සහ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇති බව වාර්තාවේ. 18 February 2024
මිය ගිය බිරිඳට සෑයේදී පණ ඇවිත් මියගිය බවට අනුමාන කළ ඉන්දියාවේ ඔඩීෂාහි 52 හැවිරිදි කාන්තාවක් සෑයට ගිනි තැබීමට මොහොතකට පෙර දෑස් විවර කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 18 February 2024
එලිසබෙත් ඇලන් මහත්මිය ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබෙත් එම්. ඇලන් මහත්මිය, ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 18 February 2024
දකුණේ සංචාරක කර්මාන්තය ගැන හොයන්න ජනපති යයි දකුණු වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයේ පිබිදීම පිළිබඳ සොයා බැලීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 18 February 2024
රට සිහිනය බොඳ කළ සිවුරුදැරූ අයෙක් අත්අංගුවට ඕස්ට්‍රේලියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් දොළොස් ලක්ෂ හැටදහසක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කර වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කොස්ලන්ද ප්‍රදේශයේ සිවුරුදැරූ අයකු ඇතුළු තවත් කාන්තාවන් සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි. 18 February 2024
තිදරු මව අභිරහස් ලෙස මැරිලා මොරගල්ල කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි සිටී තිදරු මවක කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසයි . 18 February 2024
අදත් ප්‍රදේශ කීපයකට සුළු වැස්සක් බස්නාහිර,සබරගමුව, පළාත්වලට අද පස්වරු 4.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 February 2024
මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට දෙකක් සැකපිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සහ අදාල වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයකු ඇතුලු සැකකරුවන් දෙදෙනකු අද (17) දින අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 17 February 2024
ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් මහජන සුභ සිද්ධිය, ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ස්ථායිත්වය පදනම් කොට ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර රටේ මහජන සම්පත් බව නොරහසකි. එකී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බව ත්‍රෛනිකායික මානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබේ . 17 February 2024
’’හොර කොරියා භාෂා අයැදුම් පත්‍රයට රැවටෙන්න එපා’’ 2024 වර්ෂයේ කොරියා භාෂාව විභාගයට අදාල අයදුම් පත්‍රයක් මේ වන විට අන්තර්ජාලය සංසරණය වන අතර එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධාරණය කර සිටියි. 17 February 2024
ගොවි අයිතිය රකින්න රජයට යුතුකමක් තිබෙනවා දහඩිය මහන්සියෙන් වැඩ කරන ගොවි පරපුරේ සහ පෞද්ගලික අංශයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට සහ ඔවුන්ට සාධාරණත්වයක් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරන්නට රාජ්‍ය යන්ත්රණයට යුතුමක් සහ වගකීමක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 17 February 2024
උල්හිටිය ජලාශයේ වාන් දොරටු අරි පසුගිය දිනවල ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හතම විවෘත කළ බව ජලාශය බාර නිලධාරීහු පවසති. 17 February 2024
නම ගිය අපරාධකරුවකුගේ ගෝලයකු අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙකු වන ශිරාන් බාෂික්ගේ ගෝලයකු හෙරෙයින් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 17 February 2024
යුක්රේන සෙබළුන්ව රුසියානු හමුදාව අල්ලා ගනියි යුක්රේනයේ අව්දීව්කා නගරයෙන් පසුබසින යුක්රේන සෙබළුන්ගෙන් පිරිසක් රුසියානු හමුදාව විසින් අල්ලා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 17 February 2024
ඉබ්බාගමුවේ සිසුහු සිවු දෙනෙක් පාසලේ දි මත් වෙලා ඉබ්බාගමුව කලාපයේ ප්‍රාථමික පාසල සිසුන් සිව් දෙනකු දැඩි ලෙස මත්ව සිහිසුන් වී පාසලේ ගසක් යට වැටී සිටයදී කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 17 February 2024
සාමවිනිසුරු කොන්දේසි ලිහිල් කරලා සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබේ. 17 February 2024
බන්ධනාගාර රෝහලත් උතුරයි බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. 17 February 2024
සමථ මණ්ඩල වැඩ 70%ක් සාර්ථකයි සමථ මණ්ඩල සදහා යොමු වන පැමිණිලි වලින් සීයයට හැත්තෑවකට වර්තමානයේ විසැදුම් ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 17 February 2024
රුසියා විපක්ෂ නායක ඇලෙක්සිගේ මරණය සැකයිලු බන්ධනාගාරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වූ යූලියා නෙවල්නායා මියුනිච්හි ඊයේ(16) පැවති ආරක්ෂක සමුළුවකදී ප්‍රකාශ කළාය. 17 February 2024
ආහාර සමුළුවට රටවල් 37කින් මෙරටට එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිතයන් අද මෙරටට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බවත් එම සමුළුව එළඹෙන 19 සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය. 17 February 2024
ගාමිණි ජයවික්‍රම දිවි සැරිය නිම කරයි හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. 17 February 2024
අලුත් ප්‍රතිසංස්කරණ දේශපාලනයට අවාසියි, රටට වාසියි රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායක බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 17 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026