ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු දඩයක් සිය ධනය වංචනික අයුරින් ප්‍රකාශයට පත් කිරීමට වරදකරු බව තීරණය කළ නිව් යෝර්ක් අධිකරණ විනිසුරු විනිසුරු ආතර් එෆ් එන්ගොරොන් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 354.9 ක දඩයක් සහ ඒ සඳහා පොලියක් ගෙවීමට නියම කළේය. 17 February 2024
වැස්ස සිහින් වේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 February 2024
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගැන ඇමැතිවරුන්ගෙන් ජනපතිට පැමිණිලි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ප්‍රතික්ෂේප වන ලෙස නිර්දේශ ලබාදෙන බවට ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබේ. 17 February 2024
ලංකාවේ නීති පිළවෙලක් කරන්න ලෝක ආයතන දෙකක් බරට වැඩ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා ඇමරිකානු ආධාර වැඩසටහන එකඟතාවය පළ කර තිබේ. 17 February 2024
යුක්තියෙන් ඇල්ලූ කෝටි 10 වාහන යළි දෙන්න කියයි කඩුවෙල ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාළයක් රදවා තබාගෙන සිටින කෝටි දහයකට පමණ වටිනාකමෙන් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරුට වෙත යළි ලබා දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (16) දින නියෝග කළාය. 16 February 2024
‘රතු මුහුදේ’ ගැටලුවෙන් කොළඹ වරායේ ඉන්ධන අළෙවිය ඉහළට හවුති කැරළිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළකරමින් ‘රතු මුහුදේ’ යාත්‍රා කරන යාත්‍රාවලට පහරදීම හේතුවෙන් අවදානම මඟ හැරීමට නෞකා ඇතුළු යාත්‍රා කටයුතු කිරීම නිසා කොළඹ වරායෙන් ඉන්ධන ලබාගන්නා යාත්‍රා සංඛ්‍යාව වැඩි වීමෙන් ඉන්ධන අළෙවිය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 February 2024
වෑන් රිය ගසේ හැපි 15ක් රෝහලට වාරියපොල කළුගමුව මාර්ගයේ අද සවස සිදුවූ රිය අනතුරකින් වෑන් රථයක ගමන්ගත් මාස 04 ක ළදරුවකු ඇතුළු 15 දෙනකු තුවාල ලැබූ බව වාරියපොල පොලිසිය කියයි. 16 February 2024
ආණ්ඩුවේ යෝජනා ’’බුදුසරණයි බෝඩ් ගහන් හොර හරක් අදිනවා’’ වගේ වැඩක් විධාක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ආ යෝජනාව ‘බුදුසරණණයි බෝඩ් එක ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක්’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (16) පැවසීය. 16 February 2024
රුසියා විපක්ෂ නායක හදිසියෙ මිය යයි සිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මියගොස් ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය. 16 February 2024
ලොතරැයි මණ්ඩලයෙන් බිලියන 7ක් ඒකාබද්ධ අරමුදලට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත් වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාල චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (16) පැවැත්විණි. 16 February 2024
වෛද්‍ය බෙල්ලන රෝහලෙන් පිටවෙයි කොළඹ ජාතික රෝහලේ සේවකයන් පැය 6 කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මීට සුළු මොහොතකට පෙර රෝහලෙන් පිට කිරීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 16 February 2024
පවුල් ආරවුලට බිරිදගේ කකුල් කපලා බුස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගුරුවරියක්වු තම බිරිඳගේ කකුල් දෙකම අද (16) සවස කපා දමා ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 16 February 2024
සිරකරුවෝ උසාවි සිර කුටියේ ගුටි කෙලගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (16) දින බන්ධනාගාරයේ සිට රැගෙන ආ සිරකරුවන් දෙපිරිසක් අතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි සිර මැදිරිය තුලදී සිදු වූ ගුටි බැට හුවමාරුවක් නිසාවෙන් ඇති වූ නොසන්සුන්තාව බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසයි. 16 February 2024
බඹර පහරින් සිසුන් 27ක් රෝහලට මාවනැල්ල නගර මධ්‍යයේ අමතර පංතියක බොක්සිං ක්‍රීඩාව ඉගනුම ලබමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 27 දෙනෙක් ඇතුළු 30 දෙනෙකුට අද (16) වැනිදා සවස බඹර ප්‍රහාරයකට ලක්ව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි මාවනැල්ල රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 February 2024
රේගුව’’ අකුරට වැඩ ’ වෘත්තිය ක්‍රියාමාර්ගය නවත්වයි රේගු නිලධාරීන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කරනු ලැබූ ’’ අකුරට වැඩ කිරීමේ ’’ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(16 ) අත්හිටුවීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.එස්.කුමානායක මහතා සහ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසීය 16 February 2024
ශ්‍රීලනිප දෙදෙනෙක් සජබට කරනමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිනී සිල්වා යන මහත්වරුන් කොළඹදී අද (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය. 16 February 2024
සනත්ට ශෝකය පළ කරන්න විවාදයක් අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදයක් ලබන 22 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 16 February 2024
කල් පැන්න කෝටියක ‘කෝස්ටික් සෝඩා’ රජයේ ආයතනයකින් අල්ලයි කළුතර ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ආයතනයක අළෙවි කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ මෙට්‍රික්ටොන් 45 කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ. 16 February 2024
රටේ තත්වය ගැන විවාදයක් 21 රටේ වර්තමාන තත්වය පිළිබඳව සභාවේ කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 21 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය තීරණය කළ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 16 February 2024
විරෝධයට හෝරා ස්ථම්භයට නැඟ වහලෙත් කඩන් වැටිලා තමන්ට පුද්ගලයකු පහර දුන්නැයි පවසමින් එයට විරෝධය පා පොල් කැඩිමේ නිරත පුද්ගලයකු අද(16 ) මාදම්පේ නගයේ පිහිටි හෝරා ස්ථම්භයට නැග විරෝධය නිරත වද්දි වහලය කඩාගෙන එම ගොඩ නැගිල්ල ඇතුලට වැටිමේන් තුවාල ලබා රෝහල් ගත කල බව මාදම්පේ පොලිසිය පවසයි. 16 February 2024
කෙහෙළියට-ජයම්පතිට එරෙහි අල්ලස් නඩුවේ විරෝධතාවේ තීන්දුව මාර්තු 7 නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව මාර්තු 07 වැනිදා ප්‍රකාශයට පත් කරන බ 16 February 2024
සිසුවියක සමූහ දූෂණය කළැයි පිය - පුතු අල්ලයි මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ ළඟම ඥාතී වන පිය පුතු දෙපළක් සහ අසල්වැසි තරුණයකු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 16 February 2024
එල්.පී.එල් 2024ට දින නියම කරයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. 16 February 2024
සුළු සේවකයෝ වෛද්‍ය බෙල්ලනගේ කාර්යාලය වට කරති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය පිහිටි ස්ථානයට වටකරගෙන එම රෝහලේ සේවකයන් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති. 16 February 2024
වැලි ගේන්න ගිය සෙබළා මල්වතු ඔයට බිලි වව්නියාව පරයනාලන්කුලම පෙරිය කට්ටු යුද හමුදා කඳවුරේ අලුත් වැඩියාවක් සදහා වැලි ගෙන ඒමට ගිය යුද හමුදා සෙබළෙකු මල්වතු ඔයේ ගිලී මිය ගොස් ඇතැයි පරයනාලන්කුලම පොලිසිය පවසයි. 16 February 2024
යතුරුපැදියෙන් කුඩු බෙදූ අඹුසැමියන් මාට්ටු විදේශයක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ දැනුම්දීම්ලට අනුව යතුරුපැදියෙන් ගොස් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ අඹුසැමි යුවළක් කහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය. 16 February 2024
තලෙයිමන්නාරමේ දැරියක් අපයෝජනය කර මරා දාලා ? ප්‍රදේශය නොසන්සුන් තලෙයිමන්නාරම, උෟරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි ගැහැණු දරුවකු අපයෝජනය කර ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු සැකපිට අද(16) උදෑසන අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිය කියයි. 16 February 2024
සිස්ටම් චේන්ජ් පුළුවන් රනිල්ට විතරයි රට ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 16 February 2024
සිසුවා කසිප්පු බී පාසල් ඇවිත් පස්සර ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යයෙක් කසිප්පු පානය කිරීමෙන් පසු ඇති වූ ආසද්මිකතාවක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 16 February 2024
කතරගම ඩිපෝවේ වර්ජනය අවසන් ඉකුත් ජනවාරි මාසයට අදාල වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා කතරගම බස් ඩිපෝවෙි රියදුරු, කොන්දොස්තර වරුන් ඇතුළු සේවකයින් ඊයේ (15) අළුයම කාලයේ සිට ආරම්භ කල වැඩ වර්ජනය එදිනම හැන්දෑ කාලයේ අවසන් කල බව සේවකයෝ පවසති. 16 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026