(ට්‍රික්සි කොන්ස්ටන්)
ඊශ්‍රායල් රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයන් හතළිහකගෙන් පමණ රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධියකට කටුනේරියේ නිවසකට කඩා වැදුණු විසිපස් දෙනකුගෙන් පමණයුත් පිරිසක් මුදල් ඉල්ලා කලබල කළ බව මාරවිල පොලිසිය කියයි.
දැනට වසරකට පමණ පෙර සිට ඉඩම් උගස්කර හා විවිධාකාරයෙන් ණයට ගෙන රුපියල් ලක්ෂ 25,35, 45,55 ආදි වශයෙන් මෙම මුදල් ලබා දුන් පවසන ඔවුහු කොළඹ දූෂණ වංචා විමර්ශන මූලස්ථානයට ද පැමිණිලි කර ඇතැයි කියති.
මේ සිටි පිරිස ගාල්ල මාතර, කුරුණෑගල, අනුරාධපුර, ලුණුවිල, ආනමඩුව ආදී ලංකාවේ විවිධ පළාත් වලින් පැමිණ සිටි පුද්ගලයෝ වූහ.
නිවසේ සිටි මුදල් ගත් බව කියන තරුණයා පැවසුවේ තමා මීට පෙර කීපදෙනකු රට රැකියාව යැවීමට කටයුතු කළ බවත් මෙවර මුදල් එකතු කර ඇත්තේ වෙනත් කාන්තාවක් බවත් යැවීමට නොහැකි වූ පිරිසකගේ මුදල් කොටසක් තමා මීට පෙර අවස්ථාවක ගෙවූ බවත්ය.
මුදල් ලබාගත් බව කියන ආනමඩුව,ආඩිගම ප්‍රදේශයේ සිට මෙහි පැමිණි කාන්තාව පවසා ඇත්තේ මුදල් නිවෙස් හිමියාට දුන් බවය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට රැකියා පෙන්නා කෝටි 11ක් වංචා කරලා