
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ටොන් අසූවක් පමණ බරැති ප්ලාස්ටික් පෑන් කෝටි දොළහක් වසරකට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.
පෑන් නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආයතනයක් මෙරට නොමැති හෙයින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් ප්ලාස්ටික් පෑන් නිපදවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
එමෙන්ම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත නැවත පාවිච්චි කළද පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.
පරිසරය ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
මේ අතර දිවයින පුරා සුපිරි වෙළෙඳසල් හා ඒවායේ වෙළෙඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ගේ රුපියල් 500 ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට එම ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී එම සුපිරි වෙළෙඳසල් හිමියෝ එකඟත්වය පළ කළහ.
අධික පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය හා ඉන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා මෙම වෙළෙඳසල් ප්‍රධානින් දැනුවත් කළේය. ඒ අනුව එම අහිතකර තත්වයන් අවම කරමින් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීම සඳහා මුලික පියවර කිහිපයක් සඳහා කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කළේය.
මේ කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල් අමරසේන, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරුද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩිකාලයේ තීන්ත කුප්පියක් සමග කටු පෑන් පාවිච්චියට ගත්තා. ඒක දරුවන්ට ඉතාමත් කරදර පෑනක් තමයි. ඊළඟට මිල ඉතාමත් අඩු Cial පෑන් තීන්ත පුරවා ලියන්න පුළුවන් පෑන් ආවා. ඊට පස්සෙ තමයි ඔය බෝල් පොයින්ට් නැත්නම් කාබන් පෑන් කියන වර්ගය ආවේ .මේවා මුදල් ඉපැයීම සදහා පමණක් කරන නිෂ්පාදන කියන්න පුළුවන් .මොකද භාගයක් පාවිච්චියට ගන්නාවිට ලිවීම නතර වෙලා විසිකරන්නම වෙනවා .කිසිම ප්‍රමිතියකින් නැහැ .වෙන්නෙ පරිසරයට හානි පමණයි .එනිසා මේවායින් පරිසරයට හානියක් වෙනවා නම් භාණ්ඩයේ ප්‍රමිතිය වත් දියුණු කරන්න නීති සැකසීම කරන්න ඕන .දෙවනුව ලංකාවෙ පොලිතීන් ප්‍රතිචක්‍රිකරණය කරන්න ආයතන නැහැ කියලා බැහැ .එවැනි ආයතනයක් හදන්න කටයුතු කරන්න ඕන
ජනතාව වෙතින් ද ගිලිහී ගිය, නැතහොත් හිතා මතා ගැඹුරින් නොසිතන, සජබ, ජාජබ, පොහොට්ටුව, යුඑන්පිය හෝ ප්‍රාදේශීය පක්ෂ මුනිවත රකින, ඒ ගැන වගේ වගක් ද නැති පාරිසරික ප්‍රශ්නයක් වන්නේ මෙම කාබන් පෑන් ගැටලුවයි. දෙමාපියන් ද පාසල් ළමුන්ට හිතු මතේ මේවා භාවිතා කිරීමටත්, කිසිම අරපිරිමැස්මකින් තොරව භාවිත කිරීම, වගකිව යුතු ලෙස ඉවතලෑම වැනි කරුණු පෙන්වා දෙන වගක් නොපෙනේ. ගුරුවරු ගැන ද කතා කර පලක් නැත. දියුණුව යයි කියමින් අප ගමන් කරන්නේ අවරටම බව පෙන්වා දෙන කාරණයක් ඉස්මතු කිරීම පිලිබඳ ලන්කාදීපයටත්, අදාළ රාජ්‍ය ආයතනයටත් ස්තුතියි.
එහෙම ජාති කොපමණ තියෙනවාද? කිරි පැකට් බීලා පාරේ දානවා, බීම බෝතල් බට, බැටරි කෑලි LED බල්බ්, මේවායින් අනවශ්‍ය දෑ තහනම් කරන්න...