ලාංකිකයන් 25ක් මාලදිවයිනෙන් පිටුවහල් කරයි වීසා නීති උල්ලංඝනය කිරීම හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඇතුලු විදේශකයන් 186 දෙනකු මාලදිවයින් රජය පිටුවහල් කර ඇත. 15 February 2024
ලංවිම පාරිභෝගික තැන්පතුවට කෝටි 112 ක් පොලිය ගෙවලා ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී නව විදුලි සැපයුමක් දීමේදී අයකළ පාරිභෝගික තැන්පත් මුදල් සඳහා රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක් පොලී ගෙවා ඇතැයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 February 2024
අස්වැසුමට අයැදුම්පත් අද සිට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය. 15 February 2024
ජවිපෙට පාලනය දෙන්න තරම් මිනිස්සු මෝඩ නෑ ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 15 February 2024
පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නෑ මෙරට ප්‍රධානම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමාණවත් ශීතාගාරයක් නොමැති බවත් එයට ධීවර අමාත්‍යංශයේ බලධාරීන් වලකිය යුතු බවත් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා පැවසීය. 15 February 2024
ඔස්ට්‍රේලියා අගමැති ඇල්බනීස්ට මංගල සීනු ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ විවාහ ගිවිස ගැනීම ආදරවන්තයන්ගේ දිනය දා සිදුවිය. අග්‍රාමාත්‍යවරයාගේ අත ගත්තේ ජෝඩි හෙයිඩන් නමැති යුවතියයි. 15 February 2024
වැටුප් ඉල්ලා කතරගම ඩිපෝවෙි වැඩ වර්ජනයක් පසුගිය මාසයට අදාල සේවකයින්ගේ වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් බස් රථ ඩිපෝ භූමියේ ගාල්කොට රියදුරු කොන්දොස්තර ඇතුළු සේවකයින් අද (15) අළුයම කාලයේ සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති. 15 February 2024
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට ඇප සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිසුන් දහ තුන් දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිමට බලංගොඩ මහේස්ත්‍රාත් බි.කේ.වී. හේෂානි රොඩ්රිගෝ මහත්මිය අද (15) දින බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දි නියෝග කලාය. 15 February 2024
මහ කනදරා ගොවි විලාපය මහ කනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් නොකර අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් මහා කනදරාව ව්‍යාපාරයේ ගොවීහු අන්ත අසරණ භාවයට පත්වන බව ගොවීහු චෝදනා කරති. 15 February 2024
දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සංවර්ධනය සඳහා එකමුතුවේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා තම දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ට ආරාධනා කළේය. 15 February 2024
මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තර රිමාන්ඩ් මත්පෙති ජාවාරමේ යෙදුණු පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ ප්‍රධාන මහේත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය. 15 February 2024
ජයිකා ලොක්කා ජනපති හමු වෙයි ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ මහතා හමුවේ පැවසීය. 15 February 2024
වී ගන්න පණ දෙන්න ’’ඔඩපණ’’ එයි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන්ට මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා “ඔඩපණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 15 February 2024
‘පරාජය කළ නොහැකි කී මහින්ද පරාජය කරන්න නායකත්වය දුන්නා’ රට සහ ජනතාව දුෂ්කර අවස්ථාවලින් මුදාගැනීමට සෑමවිටම තමන් ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 15 February 2024
විදෙස් විශ්ව විද්‍යාල තුනක් ලංකාවේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 15 February 2024
රිය අනතුරින් දෙදරුපියා මරුට මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය නගරය ආසන්නයේ අද( 15) ජීප් රියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වු රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් වයස අවුරුදු 43 ක් වන දෙදරු පියෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 15 February 2024
කොටුවේ වැසිකිලි ගාස්තුව 50ක් වෙලා පිටකොටුව බැස්ටියන් මාවතේ පවත්වාගෙන යන පොදු වැසිකිලිය පාවිච්චි කරන්නෙකු සදහා අය කරන ගාස්තුව රුපියල් පණහක් දක්වා ඉහල දමා ඇතැයි මගීහු පවසති 15 February 2024
දරුවන් හොඳ පාසල්වලට දාන්න අතපෙවීම් කරපු අය මෙන්න ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020- 2021 අතර කාල පරිච්ඡේදයේ දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් අධ්‍යාපන ලේකම්වරයාට මැදිහත්වීම් 2367 ක් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 15 February 2024
ඉන්දුනීසියා ජනපතිවරණයෙන් සුබියැන්තෝ ජය ගනී ඉන්දුනීසියා ජනාධිපතිවරණය ජය ගැනීමට 72 හැවිරිදි ප්‍රබෝවෝ සුබියැන්තෝ සමත් විය. ප්‍රබෝවෝ සුබියැන්තෝ ජයග්‍රහණය කළේ සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි. 15 February 2024
වතුර හබයකට ගම්මු-පොලීසිය ගැටෙති මහකනදරාව උතුරුජල ව්‍යාපෘතිය විවෘත කිරීමට එරෙහිව ගොවීන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක් අරඹා තිබේ. 15 February 2024
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 21 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. වෙඩි තැබීම සිදුවූයේ මිසෝරි ජනපදයේ, ‘කැස්සාස් සිටී චීෆ්’ පාපන්දු කණ්ඩායමේ ජය සමරමින් පෙරහරක් පැවැත්වෙද්දීය. 15 February 2024
රේගුව අකුරට වැඩ වෘත්තිය ගැටලු කීපයක් මුල්කරගනිමින් රේගු නිලධාරීන් අද (15) පෙරවරු 9.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති පවසයි. 15 February 2024
බදුල්ලේ දූවිලි අංශු සාන්ද්‍රණය ඉහළට බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවට වාර්තා වන බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 15 February 2024
‘කුඩු සළිදුගේ’ ප්‍රධාන ගෝලයා ඩුබායිවලදී කොටුවෙයි දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත් අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් ’’පියුමා ’’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන අද(15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ . 15 February 2024
නවගමුව පත්තිනි දේවාලය තෙදිනකට වහයි නවගමුව පත්තිනි දේවාල භූමියේ පවත්වාගෙන යන සියලුම දේවාල අද (15) දින සිට 17 වන දින දක්වා වසා දැමීමට කටයුතු කල බව දේවාලයේ භාරකාරත්වය දරණ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහා නායක මල්වානේ පඤ්ඤාසාර හිමියන් පැවසූහ 15 February 2024
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තවත් ගෝලයෙක් දැලේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෝදර රොහාන් සහ ඩුබායි නිපුනගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයෙකු හෙරොයින් සහ අයිස් ඉතා සූක්ෂම ලෙස රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 15 February 2024
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වනවබ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.. 15 February 2024
තාත්තයි සිඟිති දියණියයි දුම්රියට බිලි යාපනය ඉනුවිල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක පිහිටි දුම්රිය හරස්මාර්ගයක් හරහා ධාවනය වූ වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පියා සහ මාස 06 ක බිළිඳිය මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 15 February 2024
වැලන්ටයින් දා පැරණි පෙම්වතාට ලැබුණු තෑග්ග කාන්තාවක තම සැමියා ලබා පැරැණි පෙම්වතා නිරුවත් කර ඔහුගේ කකුල් දෙකම කාඩා දැමිමේ සිද්ධියක් ගාල්ල පොලිසියෙන් පෙම්වතුන්ගේ දිනය යෙදුණු ඊයේ දින වාර්තා විය. 15 February 2024
ශ්‍රී ලංකාවට 3-0 ක එක්දින තරගාවලි ජයක් සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල අද (14) රාත්‍රී සමත් විය. 14 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026