මහවැලි ඉඩම්වලටත් ’’උරුමය’’ දෙන්න යයි මහවැලි ඉඩම් සඳහා ද උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. 14 February 2024
සබරගමු සරසවි සිද්ධියට තවත් සිසුන් 6ක් අත්අඩංගුවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධියට සමිබන්ද තවත් ජේෂ්ඨ සිසුන් 06 කුහෙට්ටිආරච්චි හෙට්ටිආරච්චි සමනල වැව පොලිසිය විසින් අද (14 ) දා අත්අඩංගුවට ගෙන ඇත. 14 February 2024
සාපෙළ උපෙළ පැවැත්වෙන දින කියයි 2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි ජුනි මාස වල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය 14 February 2024
නාසා චන්ද්‍ර යානය අද සඳ බලා යනවා ඇමෙරිකාවේ නාසා ආයතනය, ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යවකාශ සමාගම සමඟ එක් වී අද (14) වැලන්ටයින් දා, චන්ද්‍ර යානයක් සඳට යැවීමට සූදානම් වෙයි. 14 February 2024
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්රහකයක්, අද (14) වැලන්ටයින් දිනය හෙවත් ආදරන්තයන්ගේ දිනය දා පෘථිවිය අසලින් යෑමට නියමිතය. 14 February 2024
ඉබි යතුරු කඩා නිවසට ඇතුළු වී යැයි සාමනේර හිමිවරු දෙනමක් අත්අඩංගුවට රුපියල් කෝටි ගණනාවක් වටිනා බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 14 February 2024
බඳින තුවක්කුව පත්තු වී ගොවියා මරුට තම බඩ ඉරිගු හා කව්පි වගාව වන සතුන් ගෙන් බේරා ගැනිම සදහා අටවන ලද බදින තුවක්කුව ඔහුටම පත්තු විම නිසා එම පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසුව මියගිය බව ඇටවීරගොල්ලෑව පොලිසිය කියයි. 14 February 2024
වැල්ලවාය පාසලක දරුවෝ 18ක් කැසිල්ලක් නිසා රෝහලට වැල්ලවාය මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකුට ඇති වු අසාත්මක තාවයක් හේතුවෙන් වැල්ලවාය මූලික රෝහලට අද උදෑසනඇතුළත් කර තිබේ. 14 February 2024
මත්පෙති සමඟ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට රජයේ රෝහලක සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරයෙකු විකිණීම සඳහා සූදානම් කර තිබූ මත්පෙති 1600 ක් ජයමාල පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 February 2024
බෝට්ටු මුරකරුගේ සිරුර මුහුදේ බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසයි . 14 February 2024
මෝදර වෙඩි තැබීමක් මෝදර මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය 14 February 2024
පළාත් කිහිපයකට විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්යෘ දෙපාර්තමේන්තුව කියයි. 14 February 2024
මෝදිට උණුසුම් පිළිගැනීමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක නියැලෙයි. එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 14 February 2024
හවුල් රජයකට කැමැතියි හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන පාකිස්තාන ජනතා පක්ෂය කැමැත්ත පළ කර තිබේ. 14 February 2024
වසර 1700 පැරණි බිත්තරයක් හමු වේ වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇත. 13 February 2024
ඊලෝන් මස්ක් අඟහරුගේ ගම් හදන වැඩේ අත් නොහරී නුදුරු අනාගතයේදී අඟහරු ග්‍රහලොවේ මිනිස් ජනපදයක් පිහිටුවීමේ සැලැස්ම බිලියනපති ඊලෝන් මස්ක් නැවත වරක් ලොවට හෙළි කර ඇත.පෘතුවි වැසියන් මිලියනයක් අඟහරු ලෝකය වෙත ගෙන යාමේ සැලැස්ම ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කරමින් සිටින බව ඔහු එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පැවැසුවේය. 13 February 2024
කොරතොට ඝාතනයේ පැදිකරු අල්ලයි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසා නවගමුව කොරොතොට ප්‍රදේශයේ නිවසකට පැමිණ පුද්ගලයකු පිටතට රැගෙන ගොස් තුන්අඳහේන මහවල පාලම අසලදී හිසට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය පැද වූ පුද්ගලයා අනුරාධපුරය හූරිගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 13 February 2024
කෝටි 15 ක නිමි ඇඳුම් රේගු භාරයට රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා අද (13) පැවසීය. 13 February 2024
කල්කිරියාව හොඳ නිසා ෂිනවාත්රා කලින්ම ගෙදර යයි නියම වූ සිරදඬුවමෙන් අඩක් හොඳ කල් ක්‍රියාවෙන් ගෙවා දැමීම හේතුවෙන් සිරගතකර සිටින තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය 74 හැවිරිදි තක්ෂින් ෂිනවාත්‍රාට නිදහස ලබා දෙන බව එරට අග්‍රාමාත්‍ය ශ්‍රේතා තවිසින් ප්‍රකාශ කළේය. 13 February 2024
සෞඛ්‍ය, තැපැල්, ගමනා ගමනය අත්‍යාවශ්‍ය වේ සෞඛ්‍ය, පොදු ගමනාගමන සේවා, දුම්රිය සහ තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ. 13 February 2024
ඩයනා එරෙහි පෙත්සමේ තීන්දුව පසුවට රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා ගොනුකළ පෙත්සම ඉවත දමමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනුකොට තිබූ පෙත්සමෙහි තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. 13 February 2024
වස කිරිපැකට් සිද්ධියට හතක් සැකපිට ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි ලබා දුන් සිද්ධියේ සැකකරුවන් හත් දෙනකු ගම්පොල පොලිස් කොට්ඨාසයේ ගලහා දෙල්තොට ග්රේඩ්වැලි වත්තේ නිවසක සැඟවී සිටියදී ආදුරුප්පු විදියේ පොලිස් කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ. 13 February 2024
පොහොර හොරා කෑ සමාගම් පහක ලොක්කන්ට වැඩ වරදී ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 13 February 2024
වසර 12කින් පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නෑ වසර දොළහකට වැඩි කාලයක් තිස්සේ පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නොමැති බව ඔවුහු කියති. 13 February 2024
නිල් කටරොළු මලින් දිවිය ජයගත් කතුන් ඉහළ ඖෂධීය ගුණයක් ඇති නිල් කටොරොළු මල් වගා කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්වාසිහු පිරිසක් සමත්ව සිටිති. 13 February 2024
මනම්පිටියේ රැය පහන්වන තුරු ජයටම වැලි ජාවාරම් පොළොන්නරුව ජලගැලීම් නිමන ජාතික වනෝද්‍යානයේ මහවැලි ගගේ පෞද්ගලික සමාගමක් වැලි කැණීම් බලපත්‍ර උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ සිට අලුයම් කාලය දක්වා විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් වැලි පැටවීම හේතුවෙන් උද්‍යානයේ සැරිසරන වන අලින් මෙන්ම වන සතුන් මහත් පීඩාවට පත්ව ඇති අතර දැඩි පරිසර හානියක් සිදුව ඇති බව පරිසරවේදීහු සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති. 13 February 2024
කන්දකාඩු ගැන නෝක්කාඩුවට ඉඩ තබනු එපා පිළිගත් ජාත්‍යන්තර නීති රීති සහ ප්රඥප්තීන්ට පටහැනි නොවන ආකාරයෙන් මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු විය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 13 February 2024
ලංකා ඩයනික් සෙරමික් ආයතනයේ සේවකයින්ට වන්දි කඩිනම් කරනු වසර 22කට පෙර ගණන් බේරා වසා දැමීමට යෝජනා කළ ලංකා ඩයනික් සෙරමික් සමාගමේ සේවකයින්ට වන්දි ප්රදානය කිරීම කල් යෑම සම්බන්ධයෙන් සේවකයින් ඉදිරිපත් කළ දුක් ගැනවිල්ල සලකා බැලු කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඒ සම්බන්ධ නියෝගය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. 13 February 2024
අටලුගම දැරිය මැරූ නරුමයා වසර 27ක් හිරගෙට දුෂණය කිරීමේ අරමුණීන් පැහැරගත් තම මිතුරාගේ නව හැවිරිදි දියණීය මඩේ ගිල්වා ඝාතනය කල බවට වරද පිළිගත් විත්තිකරුට වසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා දැරියගේ මවට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවීමටද ඊයේ (13) නියම කළේය. 13 February 2024
අක්කර 12ක් හොරෙන් ලියාගෙන කෑලි කර විකුණලා කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක් වංචනිකව ලබාගෙන එය කොටස් කර අලෙවික ළ බව කියන අන්ධ පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026