වස ශරීර ගත වී පිය පුතු මරුට වස ශරීරගත වූ පියකු සහ පුතකු මියගොස් ඇතැයි අඟුණකොලපෑලැස්ස පොලිසිය කියයි.සිය පුතුට වස පොවා පියා ද වස පානය කොට මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. 14 February 2024
හිටපු ජනපතිනියගෙන් ජනපතිවරණය ගැන ප්‍රකාශයක් පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය සඳහන් කරයි. 14 February 2024
කාට දෙන්නද මේ මල් තෝරන්නේ ප්‍රේමවන්තයින්ගේ දිනය යෙදුණු අද (14) දවස පුරා දහස් සංඛ්‍යාත තරුණ තරුණියෝ රතු රෝස මල් මිලදී ගැනීමට උත්සුක වූහ. 14 February 2024
හුංගම නිවෙසකට හැත්තෑපන්දහසක ජලබිලක් ලැබිලා මසකර රුපියල් දහසකට ආසන්න වතුර බිලක් ආ හුංගම අහිංසක පවුලකට ඉකුත් මාසයේ ජලබිල රුපියල් 75,000ක බිලක් පැමිණ ඇතැයි ඩබ්ලිව්.එච් කරුණාවතී නම් කාන්තාවක පවසයි. 14 February 2024
විධායක ජනාධිපති නැති කිරීමේ යෝජනාව තක්කඩිකමක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසීය. 14 February 2024
නාකොලාගම අලි වැටට අධිකරණයෙන් නියෝගයක් කුරුණෑගල නාකොලාගම රක්ෂිතයේ ඉදිකර ඇති අලි වැට වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළේය. 14 February 2024
උප්පාරු කලපුවේ ඔරුවක් පෙරලී දෙකක් මරුට මහවැලි ගඟ මුහුදට වැටෙන කින්නියා උප්පාරු කලපුවේ ධිවර කටයුතුවල යෙදුන දෙදෙනෙකු ඔරුව පෙරලි මියගොස් සිරුරු පාවෙමින් තිබියදි අද (14) සොයා ගැනිමට හැකිවු බව කින්නියා පොලිසිය කියයි. 14 February 2024
ගුවන් හමුදාවෙන් උතුරට මිලියන 125ක් ගුවන් හමුදාවට වසර 73 ක් සපිරීම නිමිත්තෙන් මිලියන 125 ක ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවැසීය. 14 February 2024
බඩු මිල අඩු කරන්න කැබිනට් සාකච්ඡාවක් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර සියලුම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු කර ජනතාවට සහන සැලසීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 14 February 2024
මූල්‍ය ප්‍රතිපත්ති අධ්යක්ෂ ජනරාල් මුදල් කමිටුවට කැඳවයි කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්යක්ෂ ජනරාල්වරයා කැඳවා ප්‍රශ්න කර ඇත. 14 February 2024
රාජ්‍ය ඔසුසල්වල දිගු පෝලිම් රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩවර්ජනය හේතුවෙන් බෙහෙත් කවුළුවලින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රටපුරා ඔසුසල්වල දිගු පෝලිම් අද (14) පෙරවරුවේ සිට දැකිය හැකිය. 14 February 2024
නිවසක් කොල්ලකෑ 7ක් අල්ලයි සිද්ධමුල්ල සුමග මාවතේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට සහ දේපළවලට පහරදී ඔවුන් පලවා හැරීමට උත්සාහ දරා රුපියල් ලක්ෂ පහකට ආසන්නව රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 14 February 2024
ජලසම්පාදන මණ්ඩලයට කෝටි 1450 ක පොල්ලක් රට පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කෝටි 1450ක හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කළේය. 14 February 2024
ආණ්ඩුවේ වැඩට ඉන්දියාවෙන් තල්ලුවක් ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 14 February 2024
ජනාධිපති අරමුදලට යන්න ’’අලුත් පාරක්’’ ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් විවෘත කෙරිණි. 14 February 2024
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 20 දා ඇරැඹෙයි 2023(2024) අ.පොස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන 20 වනදා ආරම්භ වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 14 February 2024
සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වට කරයි සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමා්‍යංශය ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීය. 14 February 2024
සීත කාමර වල සිට සංවර්ධන කරන යුගය ඉවර කළා සීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 14 February 2024
වස කිරිපැකට් සිද්ධියට ඇල්ලූ හත්දෙනා රිමාන්ඩ් ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි ලබා දුන් සිද්ධියේ සැකකරුවන් හත් දෙනකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය. 14 February 2024
සබරගමු සිසුන් 6 දෙනා රිමාන්ඩ් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධියට සමිබන්ද ව අද (14) අත්අඩංගුවට ගත් තවත් ජේෂ්ඨ සිසුන් 06 දෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට (15) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද (14) දා නියෝග කළාය. 14 February 2024
ජපානයත් විදුලිබලයට අත තියයි ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ මහතා ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි. 14 February 2024
ඉබි යතුරු කඩා නිවසකට ඇතුළු වූ සාමනේර හිමිවරු රිමාන්ඩ් බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසක ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙනම ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය. 14 February 2024
අධ්‍යාපනයේ විභාග බර අඩු කරනවා රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 February 2024
ඔන්ලයින් පනත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කරන තෙක් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 14 February 2024
කෘත්‍රිම බුද්ධිය උගන්වන්න මයික්‍රොසොෆ්ට් එයි මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහාය ඇතිව ලංකාවේ අධ්‍යාපන පද්ධතියට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 14 February 2024
ජීවත්වන දේශපාලනඥයන්ගේ නම් පාසල්වලට දැමීම තහනම් ජීවතුන් අතර සිටින දේශපාලඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම් වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා තීරණය කර ඇත. 14 February 2024
මඩු කැලේ ඉඩම් කොටසක් රක්ෂිතභාවයෙන් ඉවතට මඩු පාර රක්ෂිතයේ දීර්ඝ කාලයක පටන් වගා කරනු ලබන කුඹුරු ඉඩම් සහ ජනාවාස ලෙස සංවර්ධිත භූමි ප්‍රමාණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ සඳහන් ක්‍රමවේද අනුගමනය කරමින් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 February 2024
අලුත් සමූපකාරයක් එයි සමූපකාර චතුරස්‍රය නමින් සමූපකාර වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. 14 February 2024
ජාතික පාසල් 54 ක විදුහල්පති පත් කිරීමට බාල්දියක් රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පනස් හතර දෙනකු බඳවා ගැනීම නොහැකි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය. 14 February 2024
ඉන්දුනීසියා ජනපතිවරණය ඇරැඹේ ඉන්දුනීසියා ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙයි. ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙයි. එක් දිනක් තුළ එක රටක,ජනාධිපතිවරණය,මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අවස්ථාව මෙයයි. 14 February 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026