IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


4000ක් මේ වසරේ ගුරු වෘත්තියට

(අංජුල මහික වීරරත්න)

වසර තුනකට පසු මෙම වසරේ දී  4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත්උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උපාධිධාරී ගුරුවරුන් 2320කට  පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය. 

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙන බවයි. 

ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසු ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.



අදහස් (3)

4000ක් මේ වසරේ ගුරු වෘත්තියට

Lalla Thursday, 04 April 2024 11:53 AM

උපාධි ගුරුවරු ගත්තේ සංවර්ධන නිලධාරීන්ගෙන්ද? විද්‍යා ගණිත විෂය වලට අදාල උපාධිධාරීන් ගන්නේ නැතිද?

:       0       1

චන්දන Thursday, 04 April 2024 09:09 PM

හතලිස්දාහක පුරප්පාඩු වලට ගන්නේ හාරදාහයිද...? පාසල් නියමෙට කරගෙන යයි. අධ්‍යාපනය පුද්ගලිකකරණයේ මූලික පියවර තමයි මේ. රාජ්‍ය පාසල් පද්ධතිය විනාශ කිරීම...

:       1       1

Lalla Friday, 05 April 2024 08:04 AM

තමන්ගේ දරුවන් ටියුෂන් කඩ ගානේ යවන්න දස දහස් ගණන් ගෙවන්න පුලුවන්නම් පුද්ගලික පාසලකට යවන්න බැරිද? පුලුවන් අය පුද්ගලික පාසලකට ගියාම අනිත් අයට රජයේ පාසලකට යන්න ඉඩ ලැබෙන එක හොඳ නැතිද? පෞද්ගලික රෝහලුත් ඒ වගේම තමා. සියලු රෝගීන් රජයේ රෝහල්වලට ආවොත් තත්ත්වය මොන වගේ වේවිද? පෞද්ගලික විශ්වවිද්‍යාලත් ඒ විදියට තියන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site