(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අවුරුදු හැත්තෑ තුනක් වයසැති සිය මාමණ්ඩිය ඝාතනය කළේ යැයි කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය පවසයි.
මෙම අපරාධය ගැන දැන එම තොරතුරු වසං කළේ යැයි කියන අවුරුදු 65 ක් වයස පුද්ගලයෙක්ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
කැලණිය ගෝනවල ගුරුවිල පාරේ පදිංචිව සිටි ඒ. ඒ.ඩි. සිරිසේන නැමැති අය සැකකටයුතු ලෙස නිවස තුළ මියගොස් සිටියදී සොයා ගනු ලැබීය.
මෙම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේ දී ඔහුට පහර දී හුස්ම හිරකර ඝාතනය කර ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි යැයි පොලිසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත ඝාතනය වූ පුද්ගලයාගේ බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාමා ඝාතනය කළැයි බෑණා අල්ලයි
Bunny Preena Friday, 05 April 2024 09:38 AM
ඉඩකඩම් වලට තන්හාව හේතු කොටගෙන කල මිනී මැරුමක්වත්ද ?