සහෝදරියට පිහියෙන් ඇන්න සහෝදරයා අත්අඩංගුවට බීලා එන්න එපා කීවැයි එළවළු කපන පිහියෙන් සිය සහෝදරියගේ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි . 03 January 2024
විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය. 03 January 2024
සංගීත ගුරුවරියගේ ඝාතකයා මාට්ටු කොළඹ හත විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය කියයි.. 03 January 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් නියෝජ්‍ය නායකයා මරුට ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරූර් ඝාතනය කළේය. ඒ, ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමිණි. 03 January 2024
මිය ගිය දර්ශනවාදීයාගේ දේශනවලට ගිය දෙදෙනක් විස ශරීරගතවී මරුට හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකයෙකු වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා ගේ දේශන වලට සහභාගී වෙමින් ලගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු ද විස ශරිරිගතවීමකින් මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි 03 January 2024
උඩුදුම්බර පවුල් 600ක් සිරවෙලා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩ දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් විස්සක පමණ නාය යෑම්,හා ගිලාබැසීම් නිසා පවුල් 600ක් පමණ සිරවී ඇතැයි උදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. 03 January 2024
වැස්සේ සුළු අඩු වීමක් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වය තාවකාලිකව අඩුවීමක් අද සහ ද ඉදිරි දින දෙක තුළ බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 January 2024
‘‘ප්‍රතිසංස්කරණ කියා පෞද්ගලීකරණයෙන් හොරා කනවා‘‘ ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව තරකර ගන්න ගේම් ගහනවා යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය. 03 January 2024
කුඩු නැතිව ඔයට පැනලා ? යුක්තිය මෙහෙයුමෙන් මත්කුඩු නොමැතිවීම හේතුවෙන් දියවන්නාවට පැන සියදිවි නසාගත් බවට සැක කරන පුද්ගලයකුගේ මළ සිරුරක් කිඹුලාවල හන්දිය දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී හමුවූ බව මිරියාන මූලස්ථාන පොලිසිය කියයි. 02 January 2024
බදුල්ල - කොළඹ මාර්ගයේ පොඩි කොටසක් අරි ගල් පර්වත ගස් සහ පස් කඳු කඩා වැටී අද (02) සවස හල්දුම්මුල්ලෙන් අවහිර වී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය පැය හතරකට පසුව යන්තමට වාහනයක් ගමන් කළ හැකි වන පරිදි කුඩා ප්‍රමාණයේ ඉඩක් විවෘත කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය. 02 January 2024
කොරෝනා සෞඛ්‍ය උපදෙස් යළි පිළිපදින්න ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 02 January 2024
වැට් වදින -නොවදින ලැයිස්තුව නිකුත් කරයි වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. 02 January 2024
මැල්සිරිපුර ගොවි ඉඩමක් ක්‍රීඩා පිටියකට මැල්සිරිපුර ගොවිපළට අයත් අක්කර පහක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
කොළඹ බදුල්ල මාර්ගය හල්දුම්මුල්ලෙන් සම්පූර්ණයෙන්ම අවහිරවෙයි කොළඹ බදුල්ල 99 මාර්ගයට හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (02)සවස 7.00 ට පමණ දැවැන්ත ගල් පර්වත සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය මුලුමනින්ම අවහිර වී ඇති බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය. 02 January 2024
සජබ ඔලු ගෙඩි සෙල්ලම් නැහැ සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති සහ ජනතා සේවය ලබා ගැනීම සඳහා පමනක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 02 January 2024
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බිත්තර කෝටි දෙකක සංචිතයක් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය 02 January 2024
වාර්ෂික ආදායම ලක්ෂ දොළහට වැඩි නම් බදු ගෙවිය යුතුයි වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12ට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 02 January 2024
රට සල්ලි හොයන්න සීයක් කොරියා යති දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ 2024 වසරේ පළමු කණ්ඩායම වන ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනකු දකුණු කොරියාව බලා අද පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 02 January 2024
එස්.එම්ලාට තඹුතේගමින් හූ වක් ජල ෆිල්ටර් බෙදා දීම පිළිබඳව සාකච්ඡාවක තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට ආ අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සහ හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් යන මහත්වරුන්ට ගම්වාසීහු අද දැඩි විරෝධයක් එල්ල කළහ. 02 January 2024
පොලොන්නරුවට කුඩු බෙදූ යුවළක් මාට්ටු පොලොන්නරුව නගරාසන්නයේ ලැගුම්හලක කලක් තිස්සේ නතර වී සිටි අඹු සැමි යුවළක් මත් කුඩු, මුදල් රන් ආභරණ සහ දුරකතන හතරක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 02 January 2024
විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයා රිමාන්ඩ් සුනඛයෙකුට සිවුරක් පිරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින්’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ නමින් හඳුන්වාගත් චීවරධාරියා ලබන 09 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) නියෝග කළේය . 02 January 2024
රටට ඩොලර් ගේන පනත ලබන සතියේ මැතිසබයට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ආදායම් ලබාගැනීම සඳහා විධිවිධාන ඇතුළත් ජාතික ජල ශාස්ත්‍රීය පනත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය. 02 January 2024
තේ කම්හල් හිමිකරුවන් බද්දට ලියාපදිංචි වීම අනිවාර්යයි තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සියලු දෙනා සරල අගය එකතු කිරීමේ බද්ද (SVAT) සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි. 02 January 2024
ජපානයේ ගුවන් යානා දෙකක් හැපිලා ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය. 02 January 2024
එතෙර කෘෂි රැකියා කර එන අයට රජයෙන් අක්කර දෙකක් කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීමට ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් දීමට රජය තීරණය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 02 January 2024
වෘත්තීය පුහුණුවට ජර්මනියෙන් යුරෝ මිලියන හතක් ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සඳහා ජර්මානු පෙඩරල් ජනරජයේ තාක්ෂණික සහයෝගය ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
දිවුලපතානේ පවුල් 350ක් කොටුවෙති මාදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් දිඹුලාගල දිවුලපතාන ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුර නිසා එම ගම්මානයේ පවුල් තුන්සිය පනහකට ආසන්න පිරිසක් කොටුවී සිටින බව මාදුරුඔය දකුණු ඉවුර ගොවින් සුරැකීමේ සංවිධානයේ සංවිධායක චන්දන කුමාර මහතා සඳහන් කරයි. 02 January 2024
ගල්ලෑල්ලේ පාර යටවී මගීන් අපහසුතාවයට දින හතකට ආසන්න කාලයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ගංවතුරෙන් යටව පැවතීමත් එම මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව, රෝගීන් ඇතුළු රාජ නිලධාරීන් ප්‍ර වාහන පහසුකම්වලින් ඇති දුෂ්කරතා හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති. 02 January 2024
රුසියාව ලක් ක්‍රීඩා සමග එකට හිටගනී ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර ක්‍රීඩාවේ සහයෝගීතාවය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 January 2024
වරාය නගරයට ආසිරි රෝහලක් ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026