ගබඩාවක සඟවා තිබූ ලැප්ටොප්-දුරකතන සමඟ අයෙක් මාට්ටු තීරු බදු නොගෙවෙමින් හොර රහසේ මෙරටට ගෙන්වන ලද බව කියන රුපියල් කෝටියකට ආසන්න වටිනා ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිඝණක තොගයක් ගෑන්ඩ්පාස් ගබඩාවක සඟවා තිබියදී සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි 04 January 2024
විදුලි බිලට සහනයක් පසුගිය වසරේ ඔක්තෝබර් මාස සියයට 18 කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50 ක් පමණ හැකි ඉක්මණින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා අද (4) පැවසීය. 04 January 2024
බුස්සේ රැඳවියාගේ ප්‍රහාරයෙන් ඖෂධ සංයෝජකයා රෝහලට බූස්ස බන්ධනාගාර විශේෂ අංශයේ රඳවා සිටි ඉන්දියන් ජාතික සැකකරු බන්ධනාගාර රෝහලේදී ඖෂධ සංයෝජක නිලධාරියෙක්ට පහරදීම හේතුවෙන් අදාල නිලධාරියා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 04 January 2024
පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා පැතිරේ පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා ‘එච්.3එන්.2’ ප්‍රභේදය බවය. 04 January 2024
හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්න සහල් ආනයනය කරන්නේ නම් ඒවායේ බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා රේගුවේ නිරෝධායන අංශයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්නට තීරණය කර තිබේ. 04 January 2024
රනිල්ට කලින් වජිර උතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරු සංචාරයේදී දී ක්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙළ සම්බන්ධව උතුරු පළාතේ රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 04 January 2024
අධිවෙිගීයේ අනතුරින් බැංකු කළමනාකාරිණිය සහ මව මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතරලොරියක් සහ වෑන් රියක් ගැටී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 04 January 2024
ලංකා තේ රස කරන්න අලුත් රෙගුලාසිය බලාත්මක කරයි තේ දළුවල ප්‍රමිතිය ඉහල නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩ පිළිවෙළ ජනවාරි 1 වැනිදා සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩල කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය. 04 January 2024
ඉස්සූ වාහනය අතරමඟදී වෙලට පෙරැලිලා ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු මෝටර් රථයක් මූල්‍ය සමාගමක පිරිසක් විසින් පැහැරගෙන යද්දී අනතුරකට ලක්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 04 January 2024
හෝමාගම රෝහලේ විශේෂඥ වෛද්‍ය හිඟයෙන් අංශ කිහිපයක් නැවතිලා දිනකට රෝගීන් දහසකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන හෝමාගම මූලික රෝහලේ විකිරණ , ලිංගාශ්‍රිත , අක්ෂි රෝග සහ ශල්‍යාගාරය ඇතුළු ප්‍රතිකාර අංශවල විශේෂඥ වෛද්‍යවරු නොමැතිවීමෙන් එහි ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීහු පවසති. 04 January 2024
මැතිසබය 9 රැස්වෙයි නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 9 වැනිදා පැවැත්වේ පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 04 January 2024
ප්‍රහාරයට සම්බන්ධ කාටවත් සමාවක් නෑ - ඉරානය ඉරානයේ කෙර්මාන් නගරයේ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ හෝ අනුබල දුන් කිසිවකුට කිසිම සමාවක් නොදෙන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා තිබේ. 04 January 2024
ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ බෝම්බ පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබූ ඉරාන වැසියන් සම්බන්ධයෙන් සොව පළ කළ ඇමෙරිකාව තරයේ පවසා ඇත්තේ ඉරානයේ බෝම්බ පිපිරීම්වලට ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. 04 January 2024
අවිවාහකයා සැක ලෙස මිය ගිහින් ගෝනපොල කුබුක බටහිර කුඹුක වෙල් යායක ඕවිටක් තුළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවූ බව මොරගහහේන පොලිසිය කියයි 04 January 2024
දිවිය ලෝකේ පෙන්නා හතක් මරුකටට යැවූ දේශකයා කවුද උග්‍ර විසක් ශරීර ගත වී මියගිය ගණන හතක් දක්වා ඉහළ ගොස් ඇත. අවසන්මරණ දෙක ඊයේ දින වාර්තා වූ අතර සරසවියට මෙවර තේරුණු සිසුවියක සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු සයනයිඩ්වලට සමාන උග්‍ර වස වර්ගයක් ශරීරගත විමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 04 January 2024
හිටපු පා.ම. දයාශ්‍රිත තිසේරා සජබට එක්වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කරන ලදී. 04 January 2024
‘යුක්තිය’ තවත් 1,000 ක් අල්ලයි ‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,038 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය අද (4) පෙරවරුවේ පැවසීය. 04 January 2024
ජීවන බර 75% කින් අඩු වෙන කාලය කියයි මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 04 January 2024
වයඹ ගුරුවරුන්ට ටියුෂන් තහනම් වයඹ පළාත් පාසල් වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 04 January 2024
පොලිස් වෙසින් සොරකමේ ගිය නාවික භටයින් 4ක් මාට්ටු පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් වැල්ලවත්ත ප්‍රදේශයේ දුරකථන මාධ්‍යයස්ථානයකින් මුදල් හා වටිනා ජංගම දුරකථනයක් සොරා ගන්නාලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් හතර දෙනෙකු අද (04) වන දින අලුයම වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 04 January 2024
කොස්ගම විහාරස්ථානයක හිමි නමක් පැහැරගෙන? කොස්ගම හිගුරල දෙහිගහලන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පැහැර ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි 04 January 2024
ජනපති අද උතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වෙයි. 04 January 2024
සහල් වෙළෙඳ බද්ද රුපියලට අඩු කරයි ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. 04 January 2024
වතු නිවාස තුනක් ගින්නට බිලි තලවකැලේ, ලිඳුල ලොකු රහන්වත්ත වතුයායේ වතු ලයිම් කාමර නිවාස පෙළෙක අද (04) අලුයම ඇති වු ගින්නකින් වතු ලයිම් නිවාස තුනක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 04 January 2024
තැනින් තැනට පොඩි වැස්සක් නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 04 January 2024
කුඩ්ඩන්ගෙන් ලද තොරතුකින් උණ්ඩ හමුවේ යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ටී 56 උන්ඩ අටක් සහ ලේසර් පතුරම් 2 ක් සමග තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි. 04 January 2024
පුරාවස්තු සොයා කැනීම් කළ හත් දෙනෙක් දැලේ හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. 04 January 2024
හොරෙන් ගෙනා දුරකතන සමග දෙකක් සැකපිට තීරු බදු සහිතව මෙරටට ගෙන්වන ලද දුරකථන තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ මීගමු පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 04 January 2024
ගිනි අවිය සුද්ද කරන්න ගිහින් වෙඩි වැදිලා වැලිසර නාවික හමුදා කඳවුරේ අවිභාවිතය හා වෙඩි තැබීමේ පුහුණුවකට සහභාගීවීමට සිටි කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7 කින්සිපාර නිවස තුළදී වෙඩි වැදී තුවාල ලබා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි. 04 January 2024
විදුලි බලය -ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවා කරයි විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026