
අංජුල මහික වීරරත්න
සමගි ජන බලවේගයේ මුල්කිරිගල ආසන සංවිධායක නිමල් ෆ්රැන්සිස්කෝ මහතා ඊයේ (21) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි නිමල් ෆ්රැන්සිස්කෝ මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.
එහිදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ෆ්රැන්සිස්කෝ මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත රටේ ආර්ථිකය ගොඩනැගූ ආකාරය දැක සමගි ජන බලවේග නායකයාට කිසිම දැක්මක් නැති බවට තහවුරු වීමෙන් පසු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට තීරණය කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලගත්තු මාලු ටිකත් අරන් එයා නියම වේලාවට නියෝජ්‍ය නායකයා වෙලා ආපහු එයි.... අර කරූ ජයසුරිය කලා වගේ .. මතකනේ අන්තිම වෙනකල් 2/3 හදාගන්න සපෝට් එක දිලා අන්තිමට ආපහු ආපු විදිය.. එකට කියන්නේ අවබෝධතා ගිවිසුම කියලා.. අන්තිමට උන් කවුරුත් එයි මල්ලි
සජබ වටා විශාල පිරිසක් එකතුවෙන වෙලාවේ ඔය වගේ පුද්ගලයෝ අයින් වෙලා ඒ අයට තැන දෙන එක හොදයි
එදා මඩ ප්‍රචාරවලින් නායකයා නැවූ අයට දැන් කරුනු අවබෝධවි ආපසු පක්ෂයට එන බව පේනවා!
වාසියට පැති මාරු කරාට ජනතාව මෙයාලාටත් එක්ක යන්නේ නෑ
ඔය වජිරට පිටිපස්සෙන් ඉන්න කෙනාට තමයි කිසිම දැක්මක් නැත්තේ එහාට පැන පැන මෙහාට පැන පැන ඉන්න මෙයාට තමයි කිසිම දැක්මක් නැත්තේ මහා මැතිවරණයක් අවොත් ස්ථිර වශයෙන්ම පරාද වෙන කෙනෙක් තමයි මෙයා ඒ වගේම මෙයාට ඉදිරියෙන් ඉන්න වජිරටත් ඒ ආනිසන්සේම තමයි
සජිත් පොහොට්ටුවෝ බානවා, රනිල් සජ්ජෝ බානවා. මෙයාලාගේ දේශපාලන ඒක තමයි. බලය සඳහා ඕනෑ දෙයක් ඕනෑ කෙනෙක්, ඒ හැර ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් හරියන්නේ නෑ...