
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඉරාන ජනාධිපතිතුමා මත්තල ගුවන් තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් හුරුල්ලක් දී පිළිගත්තේ මමයි. හෙලිකොප්ටර් අනතුරකින් එතුමා මියගිය බව දැනගත්තාම දරා ගන්න බැරි දුකක් දැනුණායැයි උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා පිළිගත් ඇඹිලිපිටිය බෝධිරාජ විදුහලේ එකොළොස් හැවිරිදි ගයිදු කිත්න ද සිසුවා පැවැසීය.
ඇඹිලිපිටියේ සිට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් කිත්නද සිසුවා වැඩිදුරටත් මෙසේ ද කීය.
ඉරාන ජනාධිපතිතුමා පිළිගැනීමට මාව තෝරා ගත් බව දැනගත්තාට පසු මට කිව නොහැකි සතුටක් ඇතිවුණා. මට තිබුණේ එතුමා බුලත් හුරුල්ලක් දී සිංහල ක්‍රමයට පිළිගන්නයි. එතුමා ප්ලයිට් එකෙන් බැහැලා එනකොට මම බුලත් හුරුල්ලද්දී වැඳ එතුමා පිළිගත්තා.
බුලත් හුරුල්ලක් දී පිළිගන්නවාත් එක්කම එතුමා මගේ හිස අත ගා මා බොහොම ආදරයෙන් සිප ගත්තා. එතුමා මේ විදිහට හිස අත ගා සිපගනීවි යැයි කියා කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. එතුමාගේ රටේ භාෂාවෙන් මාත් එක්ක මොනවද කිව්වා. මේ කියපු දේවල් මට තේරුණේ නැහැ. මේක මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් වේවි.
මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවෙ ප්‍රේමා ආච්චි ඒ කියන්නේ මගේ තාත්තාගේ අම්මා කිව්වා පුතේ ඔයා බුලත් දී පිළිගත්ත ඉරාන ජනාධිපතිතුමා හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිහින් කියලා. ආච්චි අම්මාගේ මේ කතාව අහලා මගේ හිතට දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් ඇතිවුණා. ඇස් දෙකට කඳුළුත් ආවා. අපේ ආගම අනුව එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා යැයි ද සිසුවා කීය.
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණියේ පසුගිය අප්‍රේල් 24 වැනිදාය.
ඉරාන ජනාධිපතිවරයකු මෙරටට පැමිණියේ වසර 16කට පසුවය.
( මෙම දරුවා සම්බන්ධ කර දුන් තිස්සමහරාමය සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න මහතාට විශේෂ ස්තුතිය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයනු කිත්ත හරිම වෙනස් නමක් .දෙවනුව තමන්ගේ පියාගේ මවට ප්‍රේමා ආච්චි කියලා නමෙන් හැදින්වීම හරි කැතයි බෝධිරාජ පාසලේ නායක හාමුදුරුවෝ දෙවැනි කරුන ගැන බලනවා නම් ඉතාමත් හොදයි
අබිලින් වැනි මෝඩ, අනුවණ , වහල් , සුනඛ පිරිසක් හින්දයි අද රට තත්වේ තියෙන්නේ .
ආදරණිය පුතේ, ඔයා ඔය බුලත් අත දීල ලංකාවේ කාවවත් පිළිගත්තෙ නැත්ද? එහෙම වුනානම් පුතාගෙ හිතට දරාගන්න බැරි තරම් ලොකු සතුටක් ඇතිවෙලා, ඇස් දෙකට සතුටු කඳුළුත් එනවා. එතකොට අපේ ආගම අනුව එතුමන්ලා සියල්ලටම නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් වෙනවා,!!!
පුතා රටම වෙනුවෙන් තමයි එදා බුලත් අත පිලිගැන්නුවේ. එතුමා තමන්ගේ රටට ආදරය කරපු නායකයෙක්. ලංකාවටත් නැති බැරි වෙලාවෙ ගොඩක් උදව් කරා තමන්ට පුලුවන් විදියට. අපිට තිබ්බ තෙල් ණය තේකොල වලින් හිලව් කරා. අදටත් ගම්මාන වල දුප්පත් මිනිස්සුන්ගෙ තේ ටික සල්ලි දීලා ගන්නේ ඉරානය. එයාලට ඊට වඩා ගොඩක් අඩු ගානට ඉන්දියාවෙන් හරි චීනෙන් හරි තේ ගන්න පුලුවන්. ඒත් එයාලා තමන්ටත් සම්බාධක වලින් ගොඩක් හිරිහැර විඳින අස්සේ අපිට උදව් කරා. ඒ වෙලාවේ සල්ලි තිබ්බ ගොඩක් රටවල් ලංකාව පැත්ත පලාත වත් බැලුවෙ නෑ. උන්ට එන්න තියෙන ණය වෙනුවෙන් සහනයක් වත් දුන්නේ නෑ. ඒ අතින් හරිම උතුම් නායකයෙක්. එතුමාට නිවන් සුවයම ලැබේවා!
ලංකාදීප පත්තරේ ගවේශනාත්මක ප්‍රවෘත්ති කන්ඩායමට ස්තූතියි මේ පුවත ගෙනාවට. කවුරුවත් කතා නොකරන පැත්තක්. දරුවො කියන්නේ වෙනස්ම ලෝකෙක ඉන්න සුන්දර පිරිසක් නේ. එයාලට තමයි හරියටම ඇත්ත දැනෙන්නේ. ඔය වගේම ඉරානය ලංකාවට දුන් උදව් පිලිබඳවත් ලිපියක් පල කරන්න කියලා ලංකාදීප කතෘ මණ්ඩලෙන් අපි ඉල්ලා සිටිනවා.
ජෙප්පන්ට නම් ඉතින් ඉරානෙත් එක්ක පුදුම තරහක් තියෙන්නේ. එයාලා මාර්කට් කරලා හෙන කැම්පේන් එකක් දාලා කරපු "උමා ඔයේ වතුර ලීක් එක" වහපු නිසා. සෑහෙන්න බුකියේ කිච වුනා නේ. කමක් නෑ ජෙපි මිත්‍රවරුනි කලබල වෙන්න එපා. අන්න උගත් දරුවෝ 4 දෙනෙක් ඉන්දියාවෙදි අහුවෙලා තියෙනවා. බලන්න ඔයාලගේ ජාතික ලැයිස්තුව පොඩ්ඩක්. එයාලගේ දයාබර පියානෝ 4 ලිස්ට් එකේ ඉන්නවද කියලා. හරි දැන් කට්ටිය තාලෙට කියන්න " අපි නම් මේ පාර මාලිමාවට" ඊට පස්සේ "ඉන්දියාවේ ඡන්දෙ නිසා රාජපස්සලා තමයි ඔවා කරන්නේ" යාලුවොන්ටත් කියලා ශෙයාර් පාරකුත් දාලා ඩිස්ලයික් එකකුත් දාලා උම්බෑ කියන්න බලන්න.
පොඩි දරුවෙක් සම්බන්ධයෙන් වැරැදි අදහසක් ජනගත වෙන විදිහට ප්‍රශ්න විහිළුවටවත් අහන්න එපා, ඒකත් ඇති අවිද්‍යාව කර තබාගෙන යන අපේ සමාජයේ සමහරුන්ට.
අබිලින් ඔයා හිතන විදිහට හිතන්නේ ඉතාම අඩු පිරිසක් පමණයි. ඔයාට අබිලින් කියලා නමක් දැම්මේ අපරාදේ... මේ වගේ අය එක්ක කොහොමද සිස්ටම් වෙනස් කරන්නේ...
අනේ මෙහෙමත් අනුවණ රැලක් ඉන්න රටක් ලොවේම නෑ. ගෝඨාභයට ඡන්දෙ දුන් හැටනම ලක්ෂයක් හිටියානේ. ඉරානේ හිජාබ් දැම්මේ නැත්නම් අවු 10ක් හිරේ. ගෑණු කීයක් මැරුවාද? ඒවාට විරුද්ධ වුණු... ජනපති කරන්නේ කුවේණිට ඕනෑ දේ. මේ මොනවත් දන්නේ නැති පිරිසක් මෝඩ, තකතීරුකම පෙන්වන්න කොමෙන්ට් දානවා. මෙයා ලංකාවට ඇවිත් කළ දේවල් ඔය කඩේ යන දේශපාලුවන් දන්නවා ආවඩන නුඹලා නොදන්නවා වුණාට. ලංකාවට එන්න ගිහින් පාලමේ හැපුණු නැව මතකද? අන්න ඒ වගේ වැඩක් මෙයාට වුනේ. දිට්ඨ ධම්මවේදනීය කර්ම ගැන අහලා තිබුණාට දැකලා නෑ නේද? ඔන්න ඔය වගේ අර හොරුන්ටත් වෙයි ළඟදීම.
ගයිඳු පුතාට වඩා වයසින් බොහෝම වැඩිමහලු වුණත්, අවර ගණයේ බාල රැලක් තමයි කොමෙන්ට් කොටලා තියෙන්නේ. මොන ජීවිතද දෙයියනේ මේ! කයියනායක තුමාගේ ගෝල බාලයෝ වගේ...!
බුලත් කොලයක් පෙන්නලා බහුතරයක් මිනිස්සු රවට්ටා ගන්න පුළුවන් රටක් මේක තව මොනවද සීට්කෑල්ලට ටකරමට හාල්කිලෝ දහයට ඡන්දේ දෙන්නේ අපේ අය...
සිංහල කියන්නේ ආගමක් නෙමෙයි, සිංහල බෞද්ධයන් කරේ හැමදාම සින්හල ක්‍රිස්තියානි අයව කපන එක... සින්හල කියන එකයි, බෞද්ධ එකයි පටලවා ගන්න එපා. ඒම පටලවා ගත්තාම වෙන්නේත් ඉස්සරහට සිංහල ක්‍රිස්තියානි අය වැඩි වුණාම ප්‍රශ්නයක් වෙයි...
බුලත් අතේ කොල 40 ක් තිබ්බද? තිබ්බේ නැත්තන් අසුබයි!
මම හිතන්නේ ගයිදු පුතාට අනාගතයේදී ඔයිට වඩා දුක් වෙන්න සිදුවෙයි. උමාඔය ව්‍යාපෘතිය නිසා කදුරට ජල මුලාශ්‍ර වලට සිදු උන විනාශය සියසින්ම දැකලා....පුතා අවංකවම ඔය මරණය ගැන කනගාටු උනාට, සිංහල දේශපාලකයින් හා ඔවුන්ට ආවඩන අය නම් මුස්ලිම් ජනතාව රවටා චන්දය ලබා ගැනීමට "කිඹුල් කඳුළු" හෙලන බව වැටහෙන්න පුතාට තව ටිකක් කල් යයි... ලංකාවේ සහෝදර මුස්ලිම් ජනයා "හම්බයින්" ලෙස අමතන මොවුන්, ඉරාන ජනාධිපති ගැන පුදුම ආදර කැක්කුමක්නේ ඇති වෙලා තියෙන්නේ... ඉරානය කියන්නේ ඈත අතීතයේ ඉතාම දියුණු ආර්ථික හා සමාජ පරිසරයක් තිබුණු රටක්.... පසු කාලයේ මුස්ලිම් අන්තවාදයට නතුව, පිරිහුණු රටක්...
ලංකාවේ මිනිස්සුන්ගේ දෙස් දෙවොල් සාප... මේ මනුස්සයාටනේ වැදිලා තියෙන්නේ.!
දරුවා තමන්ට ලැබිච්ච අවස්ථාව ගැන විතරක් හිතන්න එපා. පුතාගේ වයසේ හා අක්කලා කී දෙනෙක් හිජාබයට විරුද්ධ උනා කියලා ඔය කාලකන්නියා මැරුවද? ඉරානය ගැන වැළපෙන මිනිස්සු කවදාවත් ඉරානෙට ගිහිල්ලා සති දෙකක්වත් ඉන්නේ ඉන්නේ නැහැ . විශේෂයෙන් අපේ ගැහැණු ... මොකද ඒ රටවල්වල ගැහැණුන්ට නිදහසක් නැහැ . ගිනිපිග්ලා කියන්නේ පර්යේෂණ සඳහා යොදා ගන්න සත්තු වර්ගයක්... නොදියුණු තාක්ෂණයක් තියෙන ඉරානය උමාඔය ව්‍යාපෘතියෙන් අපේ රට යොදා ගත්තා. නොදියුණු තාක්ෂණය අත්හදා බලන්න... හෙලිකොප්ටරයෙන්ම තේරෙනව නේද ඒගොල්ලන්ගේ තාක්ෂණයේ මට්ටම .... බටහිරට බැන බැන යන්නේ ඇමෙරිකන් හෙළිකොප්ටරයකින්. ඒ උනාට උමාඔය උමග හෑරුවා..
ඉරානය කියන්නේ 1979ට කලින් යුරෝපය වගේ නිදහස් සාමකාමී දියුුණු රටක්... එහි රජකළේ නම් හොඳ රජකෙනෙක්. කාන්තාවන්ට හොඳ නිදහසක් තිබුණා. රට හොඳ දියුණු තත්වයක තිබුණා. රාජාණ්ඩුවක් නිසා යම් අඩුපාඩු නොතිබුණාම නොවේ. ඒත් 1979 දී අයතොල්ලා කොමේනි කියන දැඩි මුස්ලිම් මූලධර්වාදි පූජකයා ජනතාවත් රවටාගෙන එහි පාලන බලය අල්ලා ගත්තා. දැන් එහි තිබෙන්නේ තලේබාන් වැනි දැඩි පාලනයක්. ජනතාවට කිසිම නිදහසක් නෑ. දැඩි මර්ධනකාරී පිළිවෙතක් එහි අනුගමනය කරන්නේ. මං දන්නේ නෑ වැඩි පිරිසක් ඒවාට කැමැතියි. මියගිය ජනාධිපතිත් හොඳ මනුස්සයෙක් නොවේ. එහි ජනතාව මූලධර්වාදයට අහුවෙලා දුක්විඳිනවා. මියයනවා. මොනවා වුණත් ඇත්ත ඒක තමයි.