
(අංජුල මහික වීරරත්න)
අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි ඔහුගේ උරුමකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.
හිමිකම් ඔප්පු ලබා දීමේ දී වැය වන නොතාරිස් ගාස්තු, මුද්දර හා වෙනත් බදු වලින් නිවාස හිමියන් නිදහස් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වෙයි. ඒ අනුව අදාළ නොතාරිස් ගාස්තු, මුද්දර හා වෙනත් බදු මුදල් මහා භාණ්ඩාගාරය විසින් දැරීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා මගින් නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට යෝජනා කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු දෙන්න කැබිනට් අනුමැතිය
ආෂා පෙරේරා Wednesday, 22 May 2024 06:11 PM
ඇත්තටම හොඳ වැඩක් අපිත් අනුරාධපුර කටුකැලියාව ගමෙන් ගෙයක් ගත්තා. අපිට ගෙවීමට හරි අමාරුයි. නමුත් ඇරියස් වෙලා තියන මුදල් වලටත් වැල් පොලී එකතු මරලා තියෙනවා. මේ වගේ දේවල් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මේ දේ දරාගන්න අමාරුයි...