හරක් කටාට කඩේ ගිය පොලිසියේ 19 ක් ගැන සොයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකථන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 කු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 January 2024
වගා වන්දි ඉල්ලා කෘෂි රක්ෂණ මණ්ඩලය වටලයි වගා හානි වන්දි පොහොර සහනාධාරය ඉල්ලා වලව ගොවි සංගම් එකමුතුගේ ගෙවීන් පිරිසක් ඇඹිලිපිටිය කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල කාර්යාලය වැටලූහ. 03 January 2024
ඉරානයේ බෝම්බ දෙකක් පිපිරී 103 ක් මරුට ඉරානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 103 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 03 January 2024
‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘ අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 03 January 2024
ගාල්ලේ රැඳවියෙක් මරුට ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (03) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. 03 January 2024
එක්ස්ප්‍රස් පර්ල් නඩුවට වූ දේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් හානිකර ද්‍රව්‍ය දේශිය ජලතීරයට මුසුකරන ලදැයි චෝදනා කරමින් නෞකාවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිතයන්ට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ලබන 23 වැනිදා නඩුව යළි කැඳවීමට නියම කළේය. 03 January 2024
දිවියා පැන්නාම ඇළට වැටී දවස් 2ක්ම ගහක් උඩ දර කැඩීමට ගිය අවස්ථාවේ දිවියකු ඇඟට පැනීම හේතුවෙන් අසල වූ ඇළකට වැටී කිලෝ මීටර් නවයක් පමණ දුරට ගසාගෙන යද්දී මයිල ගසක එල්ලී දින දෙකක් රැඳී සිටි ගැමියකු බේරා ගැනීමට ප්‍රදේශවාසීහු පිරිසක් සමත් වූහ. 03 January 2024
ගංවතුර නිසා පොලොන්නරුවට විශේෂ විභාග මධ්‍යස්ථානයක් පොළොන්නරුවව දිස්ත්‍රික්කයට බලපා තිබෙන ආපදා තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර උසස් පෙළට පෙනී සිටින සියලු දරුවන් සඳහා මනම්පිටිය සිංහල මහා විද්‍යාලය විශේෂ විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්යා විභාගේ කොමසාරිස් එච්.එම්.ඒ. විපුලසිරි හේරත් මහතා සඳහන් කළේය. 03 January 2024
ලංකාව මානුෂිය ඛේදවාචකයකට පත්වෙලා වර්තමාන ආණ්ඩුවේ ක්රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (3) පැවසීය. 03 January 2024
අවිෂ්ක ප්‍රනාන්දු නැවත සංචිතයට කැඳවයි සිම්බාබ්වේ පිලට එරෙහිව මේ 6 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ලෝක කුසලාන තරගාවලියේදී ස්ථානය අහිමිවූ අවිෂ්ක ප්‍රනාන්දු ඇතුළත් කර තිබේ. 03 January 2024
සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 03 January 2024
ගුවන්තොටේ වෘත්තීය සමිති නායකයෝ 28ක් දොට්ට? කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයන් 28 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අද දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ. 03 January 2024
රුසියාව-ලංකාව අතර ඍජු ගුවන් සේවයක් රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර සිව් වැනි ගුවන් සේවයත් එළඹි 2024 වසරේ ජනවාරි මස 01 දින සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ . 03 January 2024
ශ්‍රීලනිප කළුතර නායක එජාපයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (3) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 03 January 2024
ටෙස්ට් පිලේ නායකත්වයට ධනංජය ද සිල්වා පත්කරයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 03 January 2024
සංවර්ධන සැලසුම් හදන වේගය ගැන ඇමති අසතුටින් නාගරික සංවර්ධන අධිකාරිය වාර්ෂිකව නිකුත් කරන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 03 January 2024
පයිතගරස් පරදන නිලධාරීන් වී අලෙවි මණ්ඩලයේ වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 03 January 2024
කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක් විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 2 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම නිසා කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. 03 January 2024
සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය. 03 January 2024
කෝටි 6 ක හෂීෂ් රේගුවේ හිරවෙයි ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති විරෝධීව රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් හෂීෂ් වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.091ක් ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 03 January 2024
ගිය වසරේ නාවික මෙහෙයුම්වලින් ජාවාරම්කරුවන් 343ක් අත්අඩංගුවට පසුගිය 2023 වසරේ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය. 03 January 2024
බදු ගැන මාන්නප්පෙරුමගෙන් යෝජනාවක් ජනතාවගෙන් අය කරන බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 03 January 2024
මුහුද රකින හවුලකට ලංකාවත් එක්වෙයි සමුද්‍රික රාජ්‍යයන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන සඳහා සහයෝගීතාව පිණිස ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ. 03 January 2024
ජෙරම්ට ඇප ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කළේ යැයි කියන ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයා දැඩි ඇප කොන්දේසි මට මුදාහැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය. 03 January 2024
ජෝන් කොතලාවල සරසවිය තුර්කිය සමග ගිවිසුමක ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ තුර්කි අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ. 03 January 2024
මස්සිනාගේ පොරෝ පහරින් මස්සිනා අවසන් ගමන් යයි පොරවකින් හිසට පහරදි සිය බිරිදගේ 63 හැවිරිදි වැඩිමහල් සොයුරා ඝාතනය කල පුද්ගලයා පොරවද රැගෙන පොලිසියට පැමිණ බාරවු බව හිදෝගම පොලිසිය කියයි. 03 January 2024
ලුණුගලට නව උ.පෙ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අයහපත් කාලගුණය හමුවේ මාර්ග පද්ධතියට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් ලුණුගල මහ විද්‍යාලයේ අද (03) දින උසස් පෙළ විභාග කටයුතු සඳහා නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය. 03 January 2024
උසස් පෙළ හෙට සිට දින 22ක් අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ව්භාග කාලසටහන අනුව මෙවර මෙම විභාගය දින 22 ක් පැවැත්වේ. 03 January 2024
තේ වගාවට අඩුවට පෝර දෙන්න ආණ්ඩුව තීරණය කරයි මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර රජයේ පොහොර සමාගම් දෙකක වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත. 03 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026