IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

(බී.ජී චතුරංග)

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල  තුවාල සිදුවූ   පුද්ගලයකු  අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට  සම්බන්ධ සැකකරු  ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය පවසයි. 

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ  පදවිය, ඕමාරකඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු  41 ක පුද්ගලයෙකි.

වැඩි වැදීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ වම්  කකුලේ දණ හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර මේ හේතුවෙන් තුවාලකරු ශෛල්‍ය  කර්මයකට භාජනය කිරීමට නියමිත බවද රෝහල්   ප්‍රකාශකයකු පැවසීය. 

තුවාලකරුගේ  නිවස ආසන්නයේදී පදිංචි 19 හැවිරිදි  මාළු ඇල්ලීමේ නිරත  පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර  ඇති අතර පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී වෙඩි තැබීමට භාවිතා කල ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද සොයා ගත් බවද පොලිසිය  සඳහන් කළේය.



අදහස් (0)

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site