IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මතීෂ පතිරණ ලක්‍ෂ 360කට අළෙවි වෙයි

(යොහාන් භාසුර)

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය.

එහිදී කොළඹ කණ්ඩායම මතීෂ පතිරණ මිලදීගත් අතර මේ වන විටත් පැවැත්වෙන වෙන්දේසියේදී මේ දක්වා ඉහළම මිල මතීෂට හිමිවිය.

ක්‍රීඩකයන් අළෙවි වූ අගයන් (ඇමරිකානු ඩොලර්)

● මතීෂ පතිරණ (ශ්‍රී ලංකාව) - 120,000 - කලම්බු

● ඉසුරු උදාන (ශ්‍රී ලංකාව) - 100,000 - ගෝල්

● රිලී රොසෝව් (දකුණු අප්‍රිකාව) - 60,000 - ජැෆ්නා

● චතුරංග ද සිල්වා (ශ්‍රී ලංකාව) - 30,000 - කැන්ඩි

● ධනංජය ලක්‍ෂාන් (ශ්‍රී ලංකාව) - 10,000 - ගෝල්

● ශෂ්රතුල්ලා ශෂායි (ඇෆ්ගනිස්තාන්) - 50,000 - දඹුල්ල

● අහන් වික්‍රමසිංහ  (ශ්‍රී ලංකාව) - 5,000 - ජැෆ්නා

● මොහොමඩ් වසීම් (යූ.ඒ.ඊ.) - 20,000 - කලම්බු

● අසිත ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) - 40,000 - ජැෆ්නා

● නුවන් ප්‍රදීප් (ශ්‍රී ලංකාව) - 36,000 - දඹුල්ල

● බිනුර ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) - 55,000 - කලම්බු

● ධනුෂ්ක ගුණතිලක (ශ්‍රී ලංකාව) - 22,000 - දඹුල්ල

● අකිල ධනංජය (ශ්‍රී ලංකාව) - 20,000 - දඹුල්ල

● ටස්කින් අහමඩ් (බංග්ලාදේශය) - 50,000 - කලම්බු



අදහස් (0)

මතීෂ පතිරණ ලක්‍ෂ 360කට අළෙවි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site