
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාපතර ඥාතී පුත්‍රයාගේ දෑතට ගෙල සිරවීමෙන් මිය ගිය මීරිගම මාළදෙනියේ මව පියා සහ පුතාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි .
ඉකුත් 19 අළුයම දෙකට පමණ මෙසේ මරා දමා තිබුණේ මීරිගම මාලදෙණියේ පදිංචිව සිටි නුගදෙණි ආරච්ච්ගේ ලයනල් ප්‍රේමසිරි 78 , ඔහුගේ බිරිඳ දුලියාවතී ජයලත් මැනිකේ 82 සහ විශේෂ අවශ්‍යතා සහිත පුත්‍රයකුවු නුගදෙණි ආරච්ච්ගේ සුමුදු ප්‍රියශාන්ත 42 නමැති අයවලුන්ය.
මුද්‍රා තබනු ලැබූ දේහයන් නිවසේ තැන්පත් කර තිබීයදී ජනතාව ඊට ගෞරව දක්වනු දක්නට ලැබිණි. අනතුරුව මාලදෙණිය ශ්‍රී සෛලකාන්තාරාම විහාරාධිපති රත්කරව්වේ ධම්ම ජෝති හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබීය.
එහිදී අනුශාසනාවක් කරමින් රත්කරව්වේ ධම්ම ජෝති හිමියෝ සඳහන් කළේ මනුස්ස ජීවිතයකට දුන් අගය මේකද යන ගැටළුවක් ඇතිවී ඇති බැවින් මෙවැනි අදමිටු ක්‍රියාවන් සිද්ධ නොවෙන්න සමාජය විසින්ම ක්‍රමවේදයක් සකසා ගත යුතු බවයි.
මාලදෙනීය සහජීවන අවමංගල්‍යාධාර සමිතිය ඇතුළු ගමේ සංවිධාන , මූලිකත්වයෙන් ප්‍රදේශයේ ජනතාවගේ ද සහයෝගයෙන් තිදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරෙනු අතර ගම්වාසීන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව ඊට සහයෝගය දැක්වූ බව මෙහිදී දැන ගන්නට ලැබිණි .

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාළදෙණියේ පුංචි පවුල අවසන් ගමනේ