
(සුමිත් පොතුපිටිය)
මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටී ලසන්ත පුෂ්ප කුමාර නමති 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා සිය මස්සිනා සහ නැගණිය පදිංචිව සිටි මොරොන්තුඩුවේ නිවසට තවත් මිතුරන් කිහිපදෙනකු සමග පැමිණ ඇති අතර, එහිදී ඇතිවූ කතාබහකින් පසු දෙදෙනා අතර ගැටුම සිදුව ඇති බව සදහන් වේ.
මියගොස් ඇති පුද්ගලයා දෙපා සහ දෑත්වලට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් බරපතළ තුවාල ලබා නිවස ආසන්නයේ මාර්ගයක වැටී සිටියදී 1990 සුවසැරියෙන් ගෝනදූව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත්, ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සදහන් කරයි.
ඝාතකයාද කැපුම් තුවාල ලබා සිට පොලිසියට පැමිණ රෝහල් ගතවන බව දන්වා නාගොඩ රෝහලට ගොස් ඇතුළත්ව, පසුව සොයා බැලීමේදී ඉන් පැනගොස් ඇති බවද වාර්තාවේ .
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස්සිනාගෙ කඩු පහරින් මස්සිනා මරුට