
(සුජිත් හේවාජුලිගේ )
ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කිව්වේ මම දන්නවා තව දහයක් ඉන්නවා කියලා, කෝ ඉතින් හෙළිකරන ලේකම්ලාට කිව්වාට ඕක හෙළි වෙන්නේ නැහැනේ... දන්නවා නම් නම් හෙළි කරලා කම්ප්ලේන් එකක් දාන්න තියෙන්නේ... එච්චරයි.
ඕකද බුදුන්වහන්සේ භික්ෂුවට පැවරූ කාර්ය්‍ය? නරකද දේශපාලනය ගිහියන්ට බාර දීලා බණක් භාවනාවක්කරගෙන ඉන්න එක?
ඔයාලා පටලවාගෙන. ඩයන ද්විත්ව පුරවැසියෙක් නොවේ. ඩයනට ලංකාවේ පුරවැසිභාවය නැහැ. ඔබවහන්සේ කියන විදිහට හෙළිකර ගත්තත් ඩයනාගේ නඩු තීන්දුවේ හැටියට එයාලාට සළකන්න බැහැ.
අර ආර්ථික ඔස්තාර් හර්ෂ සිල්වාගේ පුරවැසි තත්වය කොහොමද?
මහලොකුවට රෙද්ද උස්සන් ගිහින් අරගල මගුලක් කරලා පත්කර ගත්තු ජනාධිපතිට කියන්නකෝ...!
සමන් අරගලයට ගරහන්නෙ රාජපක්ෂවාදී රටේ වෙනසක් නොපතන, පරන පීල්ලෙම යන්න කැමති,තමාගෙ එකාට ජොබ්, ඉස්කෝල, වැලි ෆර්මිට් ගන්න බලාගෙන ඉන්න අපතයො මිසක් හොද අය නෙවෙයි, අරගලය කාගෙවත් බූදලයක් වත් අයිතිකාරයෙක් ඉන්න එකක් වත් නෙවෙයි. ඒකට රටේ දස දහස් ගනනින් සහබාගි උනා,රනිල් පත්කරන්න කවුරුත් අරගල කලේ නැහැ. තව ටික දවසකින් තමන් කැමති අය පත්කරගමු.
රෝයි ෆෙඩ්රික්ස්, තමුන් වගේ ගිහියන්ට ඇත්ත එලි කරන්ට කොන්දක් නැති වුනාට, මේ රටේ පැවිද්දන්ට ඒකට කොන්දක් තියෙන බව මතක තබා ගන්ට.
හර්ෂ සිල්වා ද්විත්ව පුරවැසියෙක් නම් ආණ්ඩුවෙන් මෙලහකට නඩු දමල
මන්ත්‍රීලා සියලුදෙනාගේම නම් ආගමන විගමන පාලකට යවලා මේ පුද්ගලයන්ගෙන් දිවිත්ව පුරවැසියෝ කවුද කියල ඇහුව නම් ප්‍රශ්නේ ඉවරනේ ?
මෙහෙම වැරදි කරන ඒවා නවතන්න නම් මැතිවරණ සදහා නාමයෝජනා බාර ගන්න අවස්ථාවේ පක්ෂයේ හෝ සංධානයේ සභාපති හා ලේකම් දෙදෙනා විසින් අප ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රයේ හෝ ජාතික ලැයිස්තුවේ ද්විත්ව පුරවැසියන් නැහැ කියලා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන්න ඕන එහෙම ප්‍රකාශය දුන්නාට පස්සෙ එම ලැයිස්තුවේ එහෙම කෙනෙක් හිටියා කියලා ඔප්පු වුනොත් එම ලැයිස්තු අවලංගු කරන්න නීතියක් ඉක්මණින් හදා ක්‍රියාත්මක කරන්න ඕන එතකොට ඔය ප්‍රශ්න කිසිවක් නැහැ නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ