
(ගයාන් සූරියආරච්චි)
අධික වර්ෂාවත් මුන්දලම පෙරියකඩවල වැව පිටාර ගැලීමෙන් ඇති වූ ජල ගැලීමෙන් පිටතට යා නොහැකිව සිරවී සිටි එකම පවුලේ සාමාජිකයෝ තිදෙනෙක් නාවික හමුදාව විසින් අද (20) බේරාගනු ලැබූහ.
හදිසි ජල ගැලීම් තත්ත්වය හමුවේ නිවසෙන් පිටතට යාමට නොහැකිව සිරවී සිටි එකම පවුලේ මව, පුතා සහ දියණිය නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් විසින් මහත් පරිශ්‍රමයක් යොදා බේරාගනු ලැබූහ.
අධික වර්ෂාවත් සමග පෙරියකඩවල වැවේ ජලය පිටාර ගැලීම නිසා ඇළ මාර්ග උතුරාගොස් ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් නාවික හමුදාවේ තම්බපණ්ණි නාවික නෞකා ආයතනයේ නිලධාරීහු මෙම මෙහෙයුම සිදුකර එම පිරිස බේරාගත්හ.
මුන්දලම ප්‍රදේශයේ නිවසක සිරවී සිටින එකම පවුලේ පිරිසක් මුදවා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස වයඹ නාවික විධාන මූලස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව විශේෂ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුමට සහභාගිවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අවස්ථාවල දී තම රාජකාරිය අකුරට ඉටු කරන යුද නාවික ගුවන් සහ පොලිස් නිලධාරින්ට අපගේ ගෞරවයත්, ඔවුනට 8 සමතුන් යැයි නිතරම අපවාද එල්ල කරන එන්ජීඕකාර නඩ, ජේවීපීකාර සරසවි සිසුන් වැනි ගුණමකුවන්ට අපගේ පිළිකුලත් ප්‍රකාශ කරන්න මෙය අවස්ථාවක් කර ගනිමු.
ඊට පස්සෙ මොකක් හරි කේස් එකක් ආව ගමන් 119 ගහපල්ලා. නේවි එකේ උන් අරමයි මේවයි කියලා