(අංජුල මහික වීරරත්න)
ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී පැවසීය.
දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙලේ සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකනු ඩොලර් මිලියන කීයක් ලෙසද ගණන් බලා තියෙන්නේ...? ඒවා අයකරගන්න ගෙනඇති නිසි ක්‍රියාමාර්ග සහ අයකර ගැනීමට නියමිත කාල වකවානුත් ජනතාවට හෙළිකලොත් නේද වඩාත් හොඳ සහ රටට යහපත් වෙන්නේ?
ඒක හින්දා ලංකාවේ එවුනුත් බදු පැහැර ඇරියට අවුලක් නැද්ද ලොක්කා......
අපේ බදු මුදල් වියදම් කරගෙන මේ හදිස්සේ ගියේ ඔය ටික කියන්නද?
ලෝකේට බන දෙසනවා ලංකාවේ බදුවත් අය කර ගන්නේ නැතුව.
ලංකාවේ මහ බැංකබැංකු අධිපති එක්ක එකතු වෙලා, තමුන්ගේ හිත මිතුරු හොර ව්‍යාපාරිකයන්ගේ බිලියන ගණනක් බදු අය නොකරන, බිලියන ගණනක් රාජ්‍ය බැංකු වලින් දීපු ණය බොල් ණය හැටියට කපාහැරපු එකා ලෝකෙට දේශනා කරනවා බදු මුදල් අපතේ යනවා කියලා.
ලංකාවේ ගෙවන්නේ නැති බදු අයකරගන්නා හැටි දන්නේ නැතුව ලෝකෙට උගන්වන්න යනවා