
(රංජන් කස්තුරි)
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
පේරාදෙණිය කැලණිය සහ තවත් විශ්වවිද්‍යාල කීපයක උපාධි ප්‍රදානෝත්සව සඳහා දින නියම කරගෙන අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබුණ ද අනධ්‍යන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් එම උත්සව පැවැත්වීමට නොහැකි වී ඇතැයි එම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහන් කරයි.
එම නිසා උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව තිබෙන බව ද එමගින් උපාධිලාභීන්ට රැකියා සඳහා යොමු වීමට අවශ්‍ය උපාධි සහතික ලබා ගැනීමේ පමාවක් සිදුවනු ඇති බවද වාර්තාවේ.
මේ අතර විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇන හිට තිබෙන බව ද විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධි ප්‍රධානෝත්සවය කල්යාම උපාධි සහතිකය ලබාගැනීමට බාධාවක් නොවේ. උපාධි ප්‍රධානෝත්සවය යනු උපාධි පිරිනැමීම සංකේතවත් කරන උත්සවයක් පමණි. එහිදී උපාධි සහතික ලබා දීමක් සිදු නොවේ.
උපාධි ප්‍රදානෝත්සව යනු රජයේ සහ රටේ මුදල් නාස්ති කරන ක්‍රමයකි .ළමයින්ගේ සහ දෙමාපියන්ගේ කාලය සහ මුදල් නාස්ති නොකර සහතිකය තැපෑලෙන් ළමයින්ට ලැබෙන්න සලස්වන්න
නිර්මාණශීලී තරුණයන්ගෙන් පිරුන විශ්වවිද්‍යාලයකට සේවකයන්ගේ උදව් නැතුව උපාධි උත්සවයක් සංවිධානය කරගන්න බැරිනම් ලැජ්ජා වෙන්න ඕනේ
ජෙප්පො කියල පනින්න ඉස්සර කිව්වෙ,මෙතන හැම අයම ඉන්නවා,ආර්ථික අමාරු තියෙන , රටේ වර්ජනයක් තියෙනවා නම් ඒක ජවිපෙ වැඩක් කියල වැලලෙන්න හදන අයට කියන්නෙ.
හෙන ගහපන් ගණන් බලාපන් කියලා තමයි කියන්න වෙන්නෙ
මේවායේ බොහොමයක් සේවකයින් මාලිමා සාමාජිකයන් කියලා අහන්න ලැබෙනවා තමන්ගෙ දේශපාලන වාසිතකා පක්ෂ නායකයො මේවා කරවනවා ඇති මාලිමා කාරයො සමග පෙරටුගාමියොත් ඉන්නවා වෙන්න පුළුවන් ඒනිසා උපාධිය ගැනීමට බලාපොරොත්තුව සිටින දරුවනේ නුඹලාට අසාධාරණයක් වෙලා කියලා හිතෙනවා නම් ජනාධිපතිවරණය වෙලාවෙ ඡන්දය ලකුණු කරන්න පෙර ඇතිවූ අසාධාරනය ගැන සිතපල්ලා
දරුවන් නැති පාලකයන් ට දරුවන් ගේ සහ දෙමාපියන් ගේ වේදනා නොතේරීම අරුමයක් නොවේ
මේක තමයි හොදම උදාහරණය මොන තරම් වෘත්තීමය නැති ද කියලා පෙන්වන මේ පිරිස. දරුවන් බිල්ලට තබා වර්ජන කිරීම! වෘත්තීය සාරධර්ම කෝ? ප්‍රශ්න විසදන්න ඇති නොහැකියාව සහ නොහික්මුනු ස්වභාවය මනාවට ඔප්පු කර තිබෙනවා. මේ තනතුරු වල සිටින අය ඉවත් කර, උපාධියක් සහිත මට්ටමට මේ තනතුරු ගෙන එන්න. නැතිනම්, කුහකත්වය නිසා රටක් අනාගතයක් මේ පුද්ගලයන් විනාශ කර දමනවා.
මෙයත් එකල හිටියනම් පිරිසක් කොපමන අපහසුකම් තිබුනත් සීනි නැතිව තේ බොන්නම් , මිරිස් නැතිව හොදි කන් නම් මැතිනි කියනවනම් ඒකත් නොකර ඉන්නම් කියූ පිරිසෙ නූතන පරම්පරාව විය හැකියි.
සාමාන්‍යයෙන් මැතිවරණ ආසන්න කාලයේ සෑම රජයක්ම වැටුප් වැඩිකිරීම කලා ඒනිසා අපේ ඉල්ලීම් නිසා වැටුප් වැඩිකලා කියලා උද්ඝෝෂකයන් මෙහෙයවූ පක්ෂ නායකයො කියනවා මේ වර්ජන දේශපාලන අවශ්‍යතා අනුව සිදුවන ක්‍රියාවන් කියලා කියන්න පුළුවන් ඉතින් තමන්ගේ දරුවන්ට සිදුවෙන හිරිහැර ගැන හැගීමක් තියෙන දෙමාපියන් වර්ජන මෙහෙයවන පක්ෂ හදුනාගෙන මැතිවරණ අවස්ථාවල කතිරය පාවිච්චි කරන්න කියලා සිහිපත් කරන්නෙමු