
(අංජුල මහික වීරරත්න)
මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා පැවසීය.
මිල්කෝ සමාගම විසින් දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදාගන්නා ලද දියර කිරි ප්‍රමාණය පසුගිය කාලයේ කිරි ලීටර් 65,000 දක්වා පහත වැටී තිබිණි.
සාමාන්‍යයෙන් මිල්කෝ සමාගමේ දෛනික දියර කිරි ඉලක්කය ලීටර් 120000ක් බවත් සමාගමේ පරිපාලන ගැටලු නිසා එම ප්‍රමාණය සියයට 50කින් අඩු වී තිබු බවත් ඉන්දික ගුරුගේ මහතා කීය.
පසුගිය කාලයේ මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය මුළුමනින්ම නැවතී තිබූ නමුත් මේ වනවිට හයිලන්ඩ් කිරි පිටි මෙට්‍රික් ටොන් 80ක් ගබඩා සතුව ඇතැයි ද හයිලන්ඩ් අයිස්ක්‍රීම් හා යෝගට් නිෂ්පාදන ධාරිතාවය ද ඉහළ නංවා තිබෙන්නේ යැයිද මිල්කෝ සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දුන් වාර්තාව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදන වැඩි කරලා, ලාභ වැඩි කරලා සේවකයන් අඩු කරලා අදානිට පූජා කරපල්ලා .
ජයනාත් හරියම කිව්වා
හයිලන්ඩ් කිරිපිටි නම් දියකරන්න පට්ට ගේමක් දෙනවා, ඔ්ස්ට්‍රේලියාවෙ වගේ නම් කිරිපිටි මාර සුවදයි, (මෙහෙට ගෙන්වන ඒව නෙමේ). දෙන දේ හොජයි කියලම බෑ පාරිභෝගිකයට ගුණාත්මක බව වැඩිකරල දීම අවශ්‍යයි