
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය.
ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 වැනිදා සිට ඔක්තෝම්බර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව රණවක මහතා කීය.
මේ වනවිට කතා බහට ලක්ව ඇති පාර්ලිමේන්තුව විසුරුවීමේ ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ 113කගේ යෝජනා සම්මතයෙන් සිදුවීම කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කරා යාම පිළිගත නොහැකි බව රණවක මහතා කීය.
එය ජනාධිපතිවරයා පත්වීමේදී දුන් පොරොන්දු කඩ කිරීමක් බව රණවක මහතා සඳහන් කළේය.
එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කරමින් රණවක මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්! එහෙම උනොත් එල්ලෙන්න වැලක් නැතිවෙන සයිස් එකක් තියෙන්නේ. දැක්කනේ කිරිඇල්ල හාමු බණ්ඩාර උන්නැහැට කරපු තරවටුව!