(නිමල කොඩිතුවක්කු)

අධික වැසි සහිත  කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර  තිබේ.

ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කලුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, සහ  රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා සඳහා හෙට(21) මධ්‍යහන 12.00 දක්වා  මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ කලුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා එහිදී අදියර දෙක යටතේ වන ඇම්බර් වර්ණයෙන් යතු අවදානාත්මක නිවේදන නිකුත් කර තිබේ.

මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත්  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ  නිවේදනයේ දැක්වේ.