
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට දැනුම් දුන්නේය.
ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙ පාසල් විශාල සංඛ්‍යාවක් මේ වන විට ජලයෙන් යටවී ඇති අතර ගම්මාන 100 ක් පමණ ජලයෙන් යටවිම නිසා දරුවන්ට පාසල් වෙත පැමිණීමට නොහැකි ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම තත්වය නිසා පාසල් දින දෙකක් වසා දැමීයට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අරුම පුදුම බලධාරීන් නින්දෙන් නැගිටලා මෙන් වැඩ කිරීම ගැන පුදුමයක් නෑ. අයහපත් කාලගුණය බලපාලා තියෙන්නේ රටටම... පුත්තලම දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි. මේ වගේ තේරුමක් නැති වැඩකරන ඔලමොට්ටල රැලක් ඉන්න තුරු ලංකාවේ අධ්‍යාපනයට දෙයියන්ගේම පිහිටයි...