
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, "X" ගිණුමෙහි සටහනක් තබමින් මෙලෙස සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
"ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇත. අඅභාවයට පත් වූවන්ගේ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට මගේ බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්‍රකාශ කරමි. ජනාධිපති රයිසිගේ සහ ඔහුගේ දූත පිරිසගේ පවුල්වලට අපගේ සිතුවිලි සහ යාඥාවන් සිදු කරන්නෙමු."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙදී මුන ගැහිලාම ඔය ටික කියන්න හැකි වේවා! හැබැයි අපිව ගාවන්න එපා, හොදේ...
අපිත් බලාගෙන ඉන්නවා අපේ රටටත් ඔය වගේ ශෝක පණිවුඩ ලෝකයේ හැම රටකින්ම ලැබෙන දවස උදා වෙනතුරු...
අර කිව්වත් වාගෙ එලොවදී මුණ ගැහිලම ඔයටික කිව්වානම් නේද වඩාත් හොඳ? මොකද ඊබ්‍රාහිම් රයිසි හිටපු ජනාධිපතිට "X" ගිණුමක් නැහැනෙ ...
ඒ කියන්නේ අපට බෞද්ධයා වගේ පෙන්නුවට මෙයා මුස්ලිම් භක්තිකයෙක් නේද ?තම්බි මුදියන්සේලාගේ පරම්පරාවෙනේ ?
රනිල් කරේ අනවශ්‍ය ශෝඛ ප්‍රකාශයක්.උන් ගහ මරා ගත්තම අපට තියන රුදාව මොකද්ද ?උන් අපේ මචා ලා නෙමෙයිනේ .රනිල් ට ගෙදර ඕන තරම් වැඩ තියනවා නේද ?
රනිල් එක්ක බලනකොට ලංකාවේ ගෝත්‍රික මිනිස්සුන්ව නියිජනය කරනවා කියන්නෙත් ලොකු දෙයක් .ඒ තරම් පාහර මිනිස්සු ඉන්නේ ,NPP එකේ
මොනවා වුණත් ලෝක නායකයින්ගේ අවමගුල් උත්සවවල අඬන්න නම් ලංකාවේ නායකයින්ට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා... ඡන්ද වලට හලන කෙළ, කඳුළු මෙන් පිටවෙනවා... කුලියට හඬලා රාජ්‍ය ආදායම වැඩිකර ගන්න ක්‍රමයක් තියනවාද මන්දා...?
ඔය තියෙන්නෙ පසුගාමී 3% අදහසක්.
රනිල්ගේ පින්තුරේ තියන දුක දැක්කාම... කිලෝමීටර් දහස් ගණනක් දුර මැරිලා අගුරු වෙලා තියෙන්නේ තමන්ගේ පවුලේ කෙනෙක්ද කියලාත් හිතෙනවා
මේ ශෝකය පලකෙරුවේ ශ්‍රීලංකාව ඇතුළු තව රටවල් කීයද ?අරාබි රටකවත් තවම ශෝඛය පළකර නැහැ.ඔබට උපදේශ ගන්න හරිහමන් කෙනෙක් නැතිද ?
දුෂ්කර අවස්ථාවලදී අපට උදව් කළ රටක් වෙනුවෙන්, නායකයෙක් වෙනුවෙන් මේ කළ දේ ඉතා වටිනවා. ඒත් ඇමරිකන් ඒජන්තලා මේකට අනිවාර්යෙන් විරුද්ධ වෙයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය. එයාලා ඉතින් ඇමරිකන් කීමට ඉරාන ආධාර වලින් හදපු උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කල අයනේ.